පෝලිමේ නොසිට කිරිපිටි පැකට්ටුවක් මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට ලබන පෙබරවාරි මාසය දක්වා සිටීමට සිදුවනු ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
මේ වන විට තොග පවතින සමාගම් කිරිපිටි වෙළඳපලට නිකුත් කළද සමාගම් වැඩි පිරිසකට කිරිපිටි තොග නොමැති බැවින් ආනයනය කළ කිරිපිටි තොග මෙරටට පැමිණ වෙළදපලට නිකුත් කිරිමට ලබන පෙබරවාරි මාසය මැද පමණ වනු ඇතැයිද සංගමයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
ඩොලර් හිඟය හේතුවෙන් දේශීය හා විදේශීය බැංකුවලින් ණයවර ලිපි නිකුත් කිරීම නොකරන බැවින් කිරිපිටි වෙළදපලට ඒම තවත් ප්‍රමාද විය හැකි බවද ආනයනකරුවෝ පෙන්වාදෙති.