කොටදෙණියාව අතුරුදහන් වූ දරුවන් දෙපළ ගැන පොලිසියට කිසිම තොරතුරක් සොයාගැනීමට නොහැකි වී ඇති බව පොලිස් මූලස්ථානය අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
කොටදෙනියාව පොලිස් වසමේ වත්තේමුල්ල බාදුරාගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම ඥාති සොහොයුරන් දෙදෙනා 10 හැවිරිදි සහ 12 හැවිරිදි වියේ පසුවන බවත් ඉකුත් නොවැම්බර් 23 දා සිට ඔවුන් අතුරුදහන් වී ඇති බවත් පොලිසිය කියයි.
මාසයකට අධික කාලයක් කිසිම තොරතුරක් නැතිව අතුරුදහන් වී ඇති මේ දරුවන් දෙදෙනා සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් පවත්වාගෙන යන බව පොලිසිය කියයි.
ඒ අනුව පොලීසිය වැඩිදුරටත් ජනතාවට දැනුම් දෙන්නේ මෙම දරුවන් දෙදෙනාගේ අතුරුදන්වීමේ සිද්ධිය ගැන යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙසය.
පොලිසිය නිකුත් කළ වාර්තාව මෙසේය.