බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෝලිම්වල මිනිස්සු දුක් විඳිද්දී එළිපිට බස් පිටින් දළදා වන්දවන කුපාඩිකමට ජනතා විරෝධය…

by editor
අප්‍රේල් 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

කියන දෙයක් අහන්නට දළදා භාරකාරිත්වය සූදානම් නැත. VIP කුපාඩිකම එළිපිටම සිදුවෙමින් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ පැවසුවේ අද දළදා වන්දනාවට අලුතින් එක් නොවන ලෙසය. ඒ මිනිස්සු ලක්ෂ ගණනක් පෝලිම්වල රැඳෙමින් සිරි දළදා වන්දනාවට දින ගණන් ලැගුම් ගෙන සිටින බැවිනි. ඇතැම් පුද්ගලයින් මේ මහ මග ගත කරනු ලබන්නේ සිවුවන දිනයය.

එසේ මේ අසරණ මිනිස්සු පෝලිම්වල රැඳී  දළදා භාරකාරිත්වය පොලිසිය, පුරාවිද්‍යා අංශ ඇතුළු මහනුවර ඉහළ නිලධාරීහු බුරුතු පිටින් හොර පාරෙන් දළදා වැන්දවීම එළිපිටම ආරම්භ කර තිබේ. වාර්තාවන ආකාරයට මේ වනවිට නිර්මාණය වී ඇත්තේ මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන්ගේ පවා උපදෙස් නොතකමින් දියව්‍ඩන නිලමේවරයා සිය අභිමතය ක්‍රියාත්මක කරන ආකාරය බව අතිශය විශ්වාසවන්ත අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ වනවිට සුඛෝපභෝගී වාහනවල පුද්ගලයින් පුරවාගෙන ජනාධිපති මන්දිරය පැත්තෙන් විෂ්ණු දේවාල ඇත්ගාල හරහා මේ පිරිස් දළදා මාළිගාව වෙත යොමු කර ඇති අයුරු දකිමින් හිඳිමු. මේ කුපාඩි වැඩේ සිද්ධවන්නේ රටේ විධායක ජනාධිපතිවරයා මෙවැනි අශ්ලීල වැඩක් නොකරන ලෙස පැහැදිලිවම දන්වා සිටිය දී එම උපදෙස් තුට්ටුවකට මායිම් නොකරමිනි.

ඊයේ දිනයේ මහනුවර පොලිසියේ ඉහළම පුටුවල වැජඹෙන නිලධාරීන් තම තමන්ගේ හිතෛශීන් පොලිසියට ගෙන්වා ගනිමින් කෑම බීම සනීප ආරක්ෂක පහසුකම් ලබා දී පොලිස් නිල රථවලම නග්ගවාගෙන දළදා වන්දවා ඇති අයුරු මේ වනවිට හෙළිදරවු වී ඇත. පොලිසිය රටේ ආරක්ෂක ඇමතිවරයා සහ ත්‍රිවිධ හමුදා ප්‍රධානියාවන ජනාධිපතිවරයාගේ උපදෙස බලු පයිසකයකට සැලකුවේ නැත. මේ අතර මුදලට දළදා වන්දවන ජවාරමක් ද හෙළි වී තිබේ.

තමන්ට ලැබෙන වරප්‍රසාද යොදාගෙන එම වරප්‍රසාද මුදලට විකුණන අධමයෝ ද වෙති. පානදුර ප්‍රදේශයේ සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙක් අපට කීවේ රුපියල් විසි දහස බැගින් ගෙවා පෝලිමේ නොසිට දළදා වැන්ද බවය. මේ ඔබ දකින්නේ සැදැහැ සිත් විකල් කරවනක කුපාඩිකමට එරෙහිව දැන් ජනතාව අතරින් මතුවෙමින් ඇති විරෝධය ය.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඩෑන් ප්‍රියසාද් මියයයි…

Next Post

මාතර බන්ධනාගාරයේ සියලුම රැඳවියන් අඟුණකොලපැලැස්සට…

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.