චීනයේ හිත හොඳටම රිදී ඇති බවත් චීන පොහොර නැව දින හැත්තෑවකට වඩා මහ මුහුදේ නවතා ඇති බවත් කී රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ දුකේදීත් සැපේදීත් අපට හිටිය අපේ හිත මිත්‍රයා, අපේ සහෝදරයා දැන් විරසක වී සිටීමේ වගකීම පක්ෂ විපක්ෂ හා මාධ්‍යය නිලධාරීන් ගත යුතු බව අද පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.
චීනය අපට දැන් මුරගා කියන්නේ ඒ වේදනාව බව රාජ්‍ය ඇමතිවරයා කීවේය.
ඔහු වැඩිදුරටත් මෙසේත් පැවසීය.
චීනයෙන් ආනයන කළ කාබනික පොහොර නැව දින 70කටත් වඩා මහ මුහුදෙ. දුකේදීත් සැපේදීත් අපට හිටිය අපේ මිත්‍රයා, සහෝදරයා, ඒ චීන රාජ්‍යය අද අපිත් එක්ක විරසක වෙලා.
පක්ෂ විපක්ෂ සහ මාධ්‍ය නිලධාරීන් සියලු දෙනාම මේකට වගකියන්න ඕන. ඇනවුම් කළ පොහොර තොගවලින් එකවර ලබා ගත්ත සාම්පල් දෙකක් දෙපැත්තට අපි ඇරියා. එකක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට ඇරියා. අනෙක් සාම්පලය ශාඛ ආරක්ෂණ ආයතනයට ඇරියා.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කියනවා අහිතකර ක්ෂුද්රජීවීන් නැහැ. මේ පොහොර තොගය රටට ඇතුළත් කරගැනීමට සුදුසුයි කියලා. එකම රජයෙන් පාලනය වන ශාඛ ආරක්ෂණ ආයතනය රසායනාගාරය කියනවා මේ පොහොර අහිතරකයි ක්ෂුද්රජීවීන් ඉන්නවා කියලා.
මේ රසායානාගාර දෙක රට ඇතුළෙ රජයේ ආයතන දෙකක් ලෙස ක්‍රියාත්මක වුනාට චීන රජයට පෙනෙන්නෙ දෙකම ශ්‍රී ලංකා රජයේ රසායනාගාර හැටියට. රජයේ රසායානගාර දෙකක් එකිනෙකට පරස්පර සහතික දෙකක් නිකුත් කරනකොට චීන රජයට ඇතිවන වේදනාකාරී තත්ත්වය ඔවුන් හඬ නගා අපට කියනවා.
මම මේ ගරු පාර්ලිමේන්තුවේ දී කියා සිටින්නේ දෙරටේ සහෝදරත්වය බේරාගන්න අපි වැඩ කරන්න ඕන කියලා. මොන තීරණය ගත්තත් අපේ රටවල් දෙක අතර සමගිය තවදුරටත් ආරක්ෂා කරන්න අවශ්‍යයයි. ඉතාම වැදගත්.