බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොළොන්නරුවට ස්මාට් හෙටක් වෙනුවෙන් ආ ජයගමු ශ්‍රී ලංකා!

විදේශ රැකියා අවස්ථා රැගෙන 22-23 මාතලේට...

by editor
මාර්තු 20, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

‘ජයගමු ශ්‍රී ලංකා – පොළොන්නරුවට ස්මාට් හෙටක්’ වැඩසටහන පසුගිය සති අන්තයේ මාර්තු 16 – 17 දෙදින තුළ පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරිණි.

රට සහලින් ස්වයංපෝෂිත කිරීම සඳහා ප්‍රමුඛව දායකත්වය සපයන දිස්ත්‍රික්කයක් හැටියට හඳුනාගන්නා පොළොන්නරු දිස්ත්‍රික්කය තුළද වෙසෙන වෘත්තීය අවස්ථා සඳහා උනන්දුවක් දක්වන තරුණ පිරිස්, පාසල් සිසුන්, විදේශගත රැකියා ශ්‍රමිකයන්, වෘත්තීයවේදීන් ගණනාවක් මෙම දෙදින වැඩසටහනට සහභාගි වූහ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ‘මගෙන් පටන් ගමු – ජයගමු ශ්‍රී ලංකා ස්මාට් වැඩ්ඩන්’ වැඩසටහනේ පළමු දිනය (16) ආරම්භක අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර, කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් ඇතුළු ප්‍රභූ නියෝජනය සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආනන්ද විමලවීර, රජයේ නිලධාරීහු වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට සහභාගි වූහ.

විගමණික සේවක සේවිකාවන් ඇගයීම, විදෙස්ගත ශ්‍රමිකයන්ගේ පවුල්වල දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීම, අමාත්‍යාංශයේ ‘ගරුසරු’ වැඩසටහනට සමගාමීව අසංවිධිත වෘත්තීන්වල ජාතික මණ්ඩල පත්කිරීම, කම්කරු දෙපාර්තමේන්තු නීති වෙනස් කිරීම හා මිනිස් වෙළඳාම යනාදී කාරණා පිළිබඳව දැනුවත් කිරීම, මාධ්‍යවේදීන් දැනුවත් කිරීම, බලපත්‍රලාභී රැකියා ඒජන්සි සමග සම්බන්ධ වීමේ අවස්ථා ලබාදීම, තරුණ තරුණියන් හෙට වැඩ ලෝකයට දැනුවත් කිරීම, ශ්‍රම වාසනා වැඩසටහනින් වැඩ කරන අයගේ දරුවන්ට පාසල් කට්ටල ලබා දීම, තෝරාගත් පාසලකට සුහුරු පන්ති කාමරයක් ලබාදීම යනාදී කටයුතු ගණනාවක් මෙම දෙදින තුළදී පැවැත්විණි.

RelatedPosts

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

‘ජයගමු ශ්‍රී ලංකා ස්මාට් යූත් ක්ලබ්’ අදියර අමතමින් අමාත්‍යවරයා විශේෂයෙන් එහිදී සඳහන් කළේ පොළොන්නරුව, ගොවි ජනපද ව්‍යාපාර හැදෙන සමයේදී විරෝධාකල්ප දක්වන පිරිස් අද වාගේම එදාද මෙරට සිටි බවත් ඒවා නොතකා කටයුතු කිරීමෙන් රටට සහල් නිෂ්පාදනයෙන් දායකත්වය දෙන ප්‍රමුඛ දිස්ත්‍රික්කයක් වීමට පොළොන්නරුව දිස්ත්‍රික්කය වර්තමානයේ සමත් වී තිබෙන බවත්ය.

“අපිට තියෙන්නේ මේ කෘෂිකාර්මික පොළොන්නරුවේ අනාගතය ඩිජිටල් ලෝකයට යනකොට ස්මාට් පොළොන්නරුවක් කරන්න. ස්මාට් වැඩ්ඩො සමග ස්මාට් කෘෂිකර්මාන්තයක් මේ පොළොන්නරුවෙන් බිහි කරන්න. ඒක තමයි අපේ අරමුණ, ඒක තමයි අපේ ඉලක්කය. ඉතිහාසයේ හැමදාම මේ වගේ අවස්ථා හැමදාම හම්බවෙන්නේ නෑ.” අමාත්‍යවරයා එසේ සඳහන් කළේය.

එහිදී පැවැත්වුණු දිරිගැන්වීමේ දේශනයට අමාත්‍යවරයාගේ උපදේශක වශයෙන් කටයුතු කරන ශ්‍යාම් යහම්පත් මහතාද සහභාගි විය. පළමු දින වැඩසටහන් මාලාවේ අනෙක් අදියර වූයේ ශ්‍රම වාසනා අරමුදල් වැඩසටහන වේ. විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල්වල පාසල් දූදරුවන් සඳහා පාසල් උපකරණ කට්ටල ලබාදීම එහිදී සිදු කෙරිණි.

‘ජයගමු ශ්‍රී ලංකා’ පොළොන්නරුව පැවති වැඩසටහන පැවති දින දෙකෙහිදිම විදෙස් රැකියා අවස්ථා පිළිබඳව ජනතාව දැනුවත් කෙරෙන විදේශ රැකියා නියෝජිත ආයතන පනහකට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයද සිදු විය. එහිදී විදේශ රැකියා සදහා ලියාපදිංචි කිරීම්ද සිදු කෙරෙන අතර තරුණ ප්‍රජාව සවිබල ගැන්වෙන උපදෙස් ලබා දීම, ජනාධිපති අරමුදලේ අනුග්‍රහයෙන් දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් පන්සියයක් සඳහා වෘත්තීය පුහුණුව ලබාදෙන අවස්ථා සකසා දීමද සිදු කෙරිණි. ඔවුන්ට එමගින විදේශ මෙන්ම දේශීයවද රැකියා අවස්ථා සපුරාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මෙරට අවිධිමත් අංශයේ රැකියා කරනු ලබන සියලු දෙනාගේ ශ්‍රමයට ගරුත්වයක් සහ ආරක්ෂාවක් ලබා දීම පිණිස ක්‍රියාත්මක වන ‘ගරුසරු’ වැඩසටහනින් සමස්ත ශ්‍රම බලකායට සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් සකස් කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අපේක්ෂාව වේ. අවිධිමත් අංශයේ රැකියාවල නියුක්ත පිරිස් සඳහා සිය කුසලතා සහතික කරගැනීමට අවශ්‍ය සහතික ලබා ගැනීමට ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහනේදී පහසුකම් සලසා දී තිබිණි.

අවිධිමත් අංශයේ රැකියා යන්නෙහි හැඳින්වීමක් කරන්නේ නම් එය සිය වෘත්තීයට හිමි වැටුපේ පටන් සියල්ල අවිධිමත්ව පවතින තත්ත්වයකි. රැකියාවට හිමි වටපිටාව, ප්‍රායෝගික සුදුසුකම්, අසීරුතාව, අස්ථාවරභාවය, වෘත්තීය හිමිකම් පමණක් නොව ඒ සඳහා හිමි විය යුතු ගරුත්වයද අහිමි රැකියා බොහෝය. රැකියාව කිරීමම අසාර්ථකත්වයක්, අවවරප්‍රසාදිත තත්ත්වයක් නිර්මාණය කරයි නම් එම රැකියාවට හිමි හැඳින්වීම වෙනස් කිරීමද ඉතා වටිනා සංකල්පයකි. අවිධිමත් අංශයේ රැකියාවල නියුතු සියලුදෙනාගේ ශ්‍රමයට ගරුත්වයක් ලබාදීම පිණිස ආරම්භ කළ ‘ගරුසරු’ වැඩසටහනද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යා මනූෂ නානායක්කාරගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන එවැනි තවත් එක් වැඩසටහනකි. පොළොන්නරුව මහජන ක්‍රීඩාංගණයේදී පසුගිය සතියේ පැවැත්වුණ ‘ගරුසරු’ වැඩසටහනද මෙම අවිධිමත් මුහුණුවර ලැබූ රැකියා ශ්‍රමිකයන් දැනුවත් කිරීමට පැවැත්වුණු වැඩසටහනකි.

‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහන තුළ පවතින රැකියා පිළිබඳ දැනුවත්කිරීම් අතර ‘ගරුසරු’ට ඇත්තේ ප්‍රමුඛ ස්ථානයකි.

සමස්ත ශ්‍රම බලකායට සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් සකස් කිරීමට ‘ගරුසරු’ කෙරෙන් අපේක්ෂා කෙරේ. පොළොන්නරුව වැඩසටහනේදී අවිධිමත් අංශයේ රැකියාවල නිරත පිරිසටද තම කුසලතාව, හැකියාව සහතික කරගැනීම සඳහා අවශ්‍ය සහතික ලබා ගැනීමට පහසුකම් එහිදී සපයා තිබිණි. එම සහතික කිරීම් මගින් එම ශ්‍රමිකයින්ට දේශීය සහ විදේශීය රැකියා අවස්ථා සොයාගැනීමටත් සිය රැකියාව යනු වෘත්තීමය මුහුණුවරක් ඇති වෘත්තීයක් බවට සහතික කිරීමත් එහිදී සිදු කෙරිණි.

‘ජයගමු ශ්‍රී ලංකා’ අනුරාධපුරයෙන් ආරම්භ කිරීමෙන් අනතුරුව වැල්ලවාය, කෑගල්ල, මහනුවර සහ කුරුණෑගල, පොළොන්නරුව නගරවල මේ වන විට පැවැත්වුණ වැඩසටහන් සියල්ල අති සාර්ථකව පැවැත්විණි. එහි මීළඟ එළඹුම වන මාතලේ වැඩසටහනද අති සාර්ථක එකක් වීමේ ලකුණු මේ වන විටද පෙන්නුම් කරමින් තිබේ.

‘ජයගමු ශ්‍රී ලංකා’ මාතලේ එළඹුම මාර්තු 22 සහ 23 මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා අපේක්ෂාසහගත වෘත්තිකයන්ට ආරාධනයක් තිබේ. විදේශ “රැකියා අවස්ථා සමගින් මාතලේ අලුත් කරන SMART අරගලයට ඔබත් එකතුවෙන්න…!

Share69Tweet43
Previous Post

ඉන්දීය ධීවර කොල්ලකරුවන්ට එරෙහිව උතුරේ ධීවරයෝ නිරාහාර උපවාසයක් අරඹති… 

Next Post

යාපනයේ දඹකොළ පටුන සංඝමිත්තා විහාරය ආසන්න මුහුද අභය කලාපයක් කරයි… ඒ සීමාවේ මසුන් මැරීම තහනම්!

Related Posts

පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.