පොදුජන පෙරමුණ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය අතර බෙදා ගන්නා ආණ්ඩුකාර ධූර සඳහා මේ වනවිට එක්සත් ජාතික පක්ෂයෙන් පුද්ගලයින් නම් කර තිබේ.
පළාත් 09 සඳහා ආණ්ඩුකාරවරුන් බෙදා ගැනීමේ දී පොදුජන පෙරමුණට ආණ්ඩුකාර ධූර 05ක් සහ එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුකාර ධුර 04ක් ලෙස බෙදා ගැනීමට ගත් අභ්‍යන්තර තීන්දුව පසුගිය දා වාර්තා වූයේය.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට දකුණ, වයඹ, නැගෙනහිර සම මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුර ලබා දී ඇත. පොහොට්ටුව උතුර, උතුරුමැද, බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වල ආණ්ඩුකාර ධූරත් දරනු ඇත.
එක්සත් ජාතික පක්ෂයට ලබා දුන් වයඹ පළාත් ආණ්ඩුකාර ධුරයට අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ වෙනුවට පාලිත රංගේබණ්ඩාර පත්වනු ඇති බව වාර්තා වේ.
දකුණු පළාතේ ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ වෙනුවට එම ධූරය සඳහා අශෝක ධනවංස යෝජනා වී ඇත.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ වෙනුවට කේ.කේ පියදාස සහ ශාන්තිනී ගොන්ගහගේ යන දෙදෙනාගේ නම් යෝජනා වී තිබේ.
නැගෙනහිර අණ්ඩුකාර ධුරයත් එක්සත් ජාතික පක්ෂය වෙත ලැබීමට නියමිතව ඇත.