මනම්පිටිය නිමල් ජයරත්න –
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු ගංජා ග්‍රෑම් 9 ක් සමග ඊයේ (11) රාත්‍රියේ දී අත්අඩංගුවට ගත් බව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය කියයි.
ලද තොරතුරක් අනුව නිවසේදී අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සතුව ගංජා ග්‍රෑම් 9 යි මිලිග්‍රෑම් 95 ක් තිබුණු බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන දෙහිඅත්තකණ්ඩිය පොලිසිය සඳහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අංක 120 රත්මල්කඳුර දෙහිඅත්තකණ්ඩි ලිපිනයේ පදිංචි, අවුරුදු තිස් අටක් වයසති තෙන්නකෝන් මුදියන්සේලාගේ වසන්ත කුමාර යන අය බව ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාර ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා අද (12) දෙහිඅත්තකන්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කර ඇති බව දෙහිඅත්තකන්ඩිය පොලිස් ස්ථානාධිපති ගයාන් බුද්ධික අප කළ විමසීමකදී පැවසීය.
මෙම ගංජා ඔහු බීමට ගෙනාවද නැතිනම් අලෙවි කිරීම සඳහා ගෙනත් ඇත්ද යන්න පරීක්‍ෂණ කටයුතු සිදු කරන බවද දෙහිඅත්තකණ්ඩිය පොලිසිය පවසයි.







