ලලිත් චාමින්ද-
ඉදිරියේ දි පළාත් ආණ්ඩුකාරධුරවල වෙනසක් සිදුවිය හැකි බැව් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
ආණ්ඩුකාරධුර ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව බේදාගැනීම සදහා එකඟතාවයකට පැමිණ ඇතිබවද පැවසේ.
මෙහිදි ජනාධිපතිවරයාට ආණ්ඩුකාරධුර 04ක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආණ්ඩුකාරධුර 05ක් වශයෙන් බෙදාගැනීමට එකඟ වී ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
බස්නාහිර, උතුර, නැගෙනහිර, උතුරුමැද සහ වයඹ යන පළාත්වල ආණ්ඩුකාර ධුර වෙනස්විය හැකි බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
කෙසේවුවද දකුණ, ඌව සහ සබරගමුව යන පළාත්වල ආණ්ඩුකාර ධුරවල කිසිදු වෙනසක් ඇති නොවන බව දැනගන්නට ඇත. දැනට සිටින ආණ්ඩුකාරවරු එම ධුරයන්හි තවදුරටත් කටයුතුකරණු ඇති බවද දේශපාලන ආරංචිමාර්ග කියයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්දේශය මත උතුරුමැද ඇතුළු පළාත් දෙකක් සඳහා නව ආණ්ඩුකාරවරු දෙදෙනෙකු පත්කිරිමට දැනටමත් තින්දුකොට ඇති බවද වාර්තා වේ.