බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලොන්නරුව මහ රෝහලේ ඔක්සිජන් සිලින්ඩර 80ක් සොරකම් කළ රෝහල් සේවකයා අත්අඩංගුවට…

by editor
මැයි 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පොළොන්නරුව මහ රෝහලේ, පිරවු හා හිස් ඔක්ස්සිජන් සිලින්ඩර් අසූවක් සොරකම් කර පිට පළාත්වලට විකුණු එම රෝහලේ ඔක්ස්සිජන් සැපයුම් අංශයේ සෞඛ්‍ය කාර්ය සහායකයා ඇතුළු හයදෙනකු, ලොරි රථයක් සමග අද (06) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

අත්අඩංගුවට ගත් ඔක්සිජන් ටැංකි….

ප්‍රධාන සැකකරුවා පොලොන්නරුව පලුගස්දමන ප්‍රදේශයේ පදිංචි, 43 වියති අයෙකු වන අතර සෙසු සැකකරුවන් හෙයියන්තුඩුව සහ රාජගිරි‍ය ප්‍රදේශයේ පදිංචි, ඔක්ස්සිජන් සිලින්ඩර් දිවයිනේ විවිධ ප්‍රදේශවල රෝහල්වලට සැපයුම් කරන පුද්ගලික ආයතනයක සේවකයින් බව පොලොන්නරුව කොට්ඨාස විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.පී. ආර්.කේ. ජාගොඩගේ   අප කළ විමසීමකදී පැවසීය.

පොළොන්නරුව මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව පොළොන්නරුව මහ රෝහලේ ඔක්සිජන් සැපයුම් අංශයේ සෞඛ්‍ය කාර්යය සහායකයා අත්අඩංගුවටගෙන ප්‍රශ්න කිරීමෙන් පසු මෙම ජාවාරම හෙළි වී ඇති බව පොලිසිය කීවේය.

පොළොන්නරුව මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කරන පැමිණිල්ලට අනුව  2020 මාර්තු මාසයේ  සිට මේ දක්වා,  රෝහලේ  ඔක්සිජන් සිලින්ඩර් 208 ක් අතුරුදන් වී ඇතැයි  පරීක්ෂණ ආරම්භ කර ඇති පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි, ඔක්සිජන් සිලින්ඩර  80ක් සොරකම් කිරිම සම්බන්ධව මෙම රෝහල් සේවකයා අත්අංගුවට ගන්නේ එම පරික්ෂණයට අදාලවය.

පොළොන්නරුව මහ රෝහලේ ඔක්සිජන් සැපයුම් අංශයේ සෞඛ්‍ය කාර්ය සහයකයා එක් ඔක්සිජන් සිලින්ඩරයක් රුපියල් 30,000 ටත් 40,000 කටත් අතර මිලකට  ඔක්සිජන් සැපයුම්කරුවන්ට අලෙවි කර ඇත.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

පරික්ෂණ කණ්ඩායමේ පිරිසක්…

එම ඔක්සිජන් ටැංකි වෙනුවෙන්  ඔක්සිජන්    සැපයුම්කරුවන් සෞඛ්‍ය කාර්යය සහායකයාගේ පෞද්ගලික ගිණුමට රුපියල් ලක්ෂ දාහතරක මුදලක් බැරකර ඇතැයි මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබේ,

අත්අඩංගුවට ගත්ත සැකකරුවන් හෙට (07)  පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම්ට නියමිතව ඇතැයි කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වාගේ   උපදෙස් මත පොලොන්නරුව සහකාර පොලිස් අධිකාරී චානක ද සිල්වාගේ මෙහෙයවීමමෙන්, පොලොන්නරුව කොට්ඨාස  අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ජේ. පී,ආර්.කේ. ජාගොඩගේ  ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ටී බණ්ඩාර,  පොලිස් සැරයන් 42229 රංග, 68973 අතාවුද, පොලිස් කොස්තාපල් 29739 බණ්ඩාර, 34968 නිශ්ශංක යන පොලිස්   නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

තෙවන චාල්ස් රජුගේ සහභාගීත්වයෙන් පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය නායක හමුවට ජනපති එක් වෙයි!

Next Post

Fcode Labs ආසියාවේ හොඳම සේවා  ස්ථාන අතර 35 වැනි ස්ථානයට

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.