පොලොන්නරුවේ ප්‍රකට මෝල් හිමියෙකුගේ නිවස අසලින් ගලා යන ඇතුමල්පිටිය ආනඋලුන්දාව වැවේ පිටවානට අනවසරයෙන් බැකෝ යන්ත්‍රයක් දමා කළ කැණීමක දී මෙතෙක් කියවා පිටපත් කර නැති වටිනා ටැම් ලිපියක් මතු වී තිබේ.
මෙම ටැම් ලිපිය හමුවීමත් සමගම බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු එය තිබූ තැනින් ඔසවා පාර අයිනට විසිකර වාන් ඇල පෑදීමේ කටයුතු කරගෙන ගොස් ඇත.
සිද්ධිය දුටු ගැමියෙක් ඒ සම්බන්ධව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්වත් කිරීමෙන් අනතුරුව එම ටැම් ලිපිය පොළොන්නරුව පුරාවිද්‍යා කාර්යාලයට රැගෙනවිත් තැන්පත් කර ඇත.
මේ සම්බන්ධව බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුගෙන් කළ විමසීමක දී තමන් මෙහි වටිනාකම නොදන්නා බවත් ගල් කණුවක් හමුවූ විට එය තිබුණු තැනින් ඉවත් කර තමන්ට පැවරූ වාන් ඇල සුද්ධ කිරීම කළ බවත් පුරාවිද්‍යා නිලධාරීන්ට පවසා තිබේ.
පොලොන්නරුව පුරාවිද්‍යා නිධාරීන් පවසන්නේ මෙම ඇල සුද්ද කිරීමේ කටයුත්ත සම්බන්ධව අදාල ගොවි සංවිධානය හෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කිසිම දැනුම්වත් කිරීමක් නොකර සිදුකර තිබුණු බවය.