තිස්සමහාරාම රන්මිණිතැන්නේ වැටලීමකදී පොලිස් වෙඩි පහරින් තුවාල ලද පුද්ගලයෙකු රෝහල්ගත කර ඇත.
පොලීසිය පැවසුවේ, තිස්සමහාරාම – රන්මිණිතැන්න ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස තුවාල ලබා ඇති බව ය.
පොලිස් නිලධාරීන් පිරිසක් අද (31) අලුයම රන්මිණිතැන්න ප්‍රදේශයේ වැටලීමක් සිදුකළ අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් වෙඩි තැබීමකින් ඔහුගේ උරහිසට තුවාල සිදුවී ඇත.