බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිසිය  අක්මීමන තරුණයාගේ  කටට වෙඩි තබා අත්බෝම්බ සිද්ධියකට පැටලුවා ද?

by editor
ජූනි 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසි –

ගාල්ල, අක්මීමන ප්‍රදේශයේ දී ජුනි 10 වැනිදා, අක්මීමන පොලිසියේ නිලධාරියෙකු කළ වෙඩි තැබීමකින් මුහුණට වෙඩි වැදුණු 21 හැවිරිදි තරුණයෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝග මත බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණයට යටතේ කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මලීෂ විදුරංග නැමැති මෙම තරුණයාට මෙලෙස වෙඩි තබා ඇත්තේ ඔහු පොලිස් නිලධාරීන්ට අත්බෝම්බයක් දමා ගැසීමට උත්සහ කළ නිසා බවත්, ඔහු සතුව ටී 56 උණ්ඩ 105ක් තිබී ඇති බවත් අක්මීමන පොලිසිය ගාල්ල කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වා තිබේ.

මලීෂ සහ ඔහුගේ මිතුරාට එල්ල වී ඇති චෝදනා ඔහුගේ පවුලේ අය ප්‍රතික්ෂේප කරති.

“මගේ මල්ලි අහිංසකයි.”

සිය බාල සහෝදරයා සම්බන්ධයෙන් පොලිසිය එල්ල කරන මෙම චෝදනා ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන භානුක දිසානායක තරයේ ප්‍රතික්ෂේප කරයි. ඔහු පවසන්නේ සිය සහෝදරයා කිසිඳු අවස්ථාවක එවැනි ආයුධ ළඟා තබා ගැනීමට තබා ඒවා ඇසින් හෝ දැක නොමැති බවයි.

සිය සහෝදරයා ගාල්ල ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් නැරඹීමට යන අතරතුරේ මෙම සිද්ධියට මුහුණ පා ඇතැයි භානුක පවසයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“රෑ නවයට විතර මල්ලිත් යාලුවෙකුත් එක්ක බයික් එකකින් ගාල්ලෙ සංගීතයක් බලන්න ගිහින් තියෙනවා. මඟකදි මේ දෙන්නා අතුරු පාරකට ගිහින් බීඩි බොමින් ඉඳලා. ඒ අතරෙදි තමයි පොලිසියෙන් එන බව දැකලා තියෙන්නේ,” ඔහු සඳහන් කළේය.

පොලිසිය එන බව දුටු මලීෂගේ මිතුරා මෝටර් සයිකලය වේගයෙන් ඉදිරියට ධාවනය කර ඇතැයි භානුක කියා සිටියේය.

“මේ දෙන්නා ගෙදරට කියන්නේ නැතිව තමයි සංගීතය බලන්න ගිහින් තියෙන්නේ. ඒ නිසා බයට මල්ලිගෙ යාලුවා බයික් එක ඉස්සරහට අරන් ගිහින්. මල්ලි එතන කරකියා ගන්න දෙයක් නැතිව ඉන්නකොට තමයි පොලිසියෙන් ඇවිත් මල්ලිව අල්ලාගෙන තියෙන්නේ.”

පසුව පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් පැන යාමට මලීෂ ඔවුන් සමඟ පොර බදා ඇති අතර එලෙස පැන යාමේ දී පොලිස් නිලධාරියා එල්ල කළ වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ තම සහෝදරයාගේ මුහුණට බව භානුක පැවසීය.

රෝහල් ගත කළේ කවුද?

රාත්‍රී 10.45ට ආසන්න කාලයක දී තම සහෝදරයාට වෙඩි තැබීමෙන් පසු ව පොලිස් නිලධාරීන් දෙදෙනා එම ස්ථානයෙන් පිට ව ගොස් ඇති බවත් වෙඩි වැදුණු සහෝදරයා ඉදිරියට දිව ගොස් ඇති බවත් භානුක සඳහන් කළේය.

එම අවස්ථාවේ දී නැවත එම මාර්ගයේ ම මෝටර් සයිකලයෙන් පැමිණෙමින් සිටි මිතුරා, මලීෂව මෝටර් සයිකලයට නංවාගෙන ගොස් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි, සහෝදරයා පැවසීය.

ඔහු කියා සිටියේ, වෙඩි වැදුණු තම සහෝදරයා, රෝහලට ඇතුළත් කිරීමට හෝ අත්අඩංගුවට ගැනීමට එම අවස්ථාවේදී ක්‍රියා නොකළ පොලිස් නිලධාරීන් තම සහෝදරයා සහ ඔහුගේ මිතුරා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පසුව රෝහලට පැමිණීමෙන් පසුව බවය.

“මල්ලීගේ යාලුවාගෙ අම්මා ගෙදරට ඇවිත් කියලා තියෙනවා මෙහෙම දෙයක් වෙලා කියලා. අම්මාත් තාත්තාත් ඉස්පිරිතාලයට ගිය වෙලාවේ පොලිසියෙන් කියලා, ‘පුතා හොඳ එකෙක් නෙවෙයි, අපට අත් බෝම්බෙකින් ගහන්න හැදුවා’ කියලා,” භානුක පවසයි.

“මගේ මල්ලි කිසිම වෙලාවක රථවාහන වැරැද්දකටවත් අහුවෙලා තියෙන කෙනෙක් නොවෙයි. ඔය කියන ආයුධ එයා දැකලාවත් නෑ,” යැයි පවසන ඔහු පෙන්වා දෙන්නේ මෙය හුදෙක් ම වෙඩි තැබීමේ සිදුවීම වසා ගැනීමට පොලිසිය එල්ල කරන බොරු චෝදනාවක් බවයි.

වෙඩි තැබූ නිලධාරියා සමඟ පුද්ගලික ආරවුලක්…

මෙම වෙඩි තැබීමට සම්බන්ධ පොලිස් නිලධාරියා සමඟ යම් පුද්ගලික ආරවුලක් තිබූ බවද මලීෂගේ සහෝදරයා පවසයි. ඔවුන්ගේ පියා ගරාජයක් පවත්වාගෙන යන අතර මලීෂ ද සිය පියා සමඟ එක් ව වාහන අලුත්වැඩියා කටයුතු කරයි.

භානුක පවසන්නේ පොලිස් නිලධාරීන් බොහෝවිට මෝටර් සයිකල් අලුත්වැඩියා කරගැනීමට සිය පියාගේ ගරාජයට පැමිණෙන බවය. සිය පවුලේ සහෝදරයන් තිදෙනා ම එලෙස සිය පියාගේ ගරාජයේ වැඩකටයුතුවලට උදවු වූ බවත්, උක්ත පොලිස් නිලධාරියා සිය මෝටර් සයිකලය අලුත්වැඩියා කරගැනීමට පැමිණි අවස්ථාවේ දී ගාස්තුව ඉල්ලූ විට තමා සමඟ කලකට ඉහත බහින්බස් වීමක් සිදු වූ බවත් භානුක සඳහන් කළේය.

“මගෙත් මල්ලිලා දෙන්නාගේත් පෙනුම ටිකක් එක සමානයි. ඒ නිසා මගෙන් පළිගැනීමක් විදිහට, මම කියලා මල්ලිව වරදවා වටහාගෙන වෙඩි තැබීම කරලා බොරු නඩුවකට පටලවන්න යනවා කියන සැකය ලොකුවට ම අපට තියෙනවා,” ඔහු පවසයි.

මිතුරා 21වැනිදා දක්වා රිමාන්ඩ්

අක්මීමන පොලිසිය විසින් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය ජුනි 13 වැනිදා කළ කරුණු දැක්වීමකින් පසු ව වෙඩි වැදුණු තරුණයාගේ මිතුරා ජුනි 21වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මලීෂ ව ද එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති අතර ඔහු තවම වෛද්‍ය ප්‍රතිකාර ලබන හෙයින් මේවන විට බන්ධනාගාර නිලධාරීන් යටතේ ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

පොලිසිය පැවසුවේ නඩු භාණ්ඩ පිළිබඳ අධිකරණයට වාර්තා කළ බවත්, බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට ද අධිකරණය විසින් නියෝගයක් ලබා දුන් බවත් ය. කෙසේවෙතත් බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට මෙතෙක් බෝම්බ නිෂ්ක්‍රීය අංශයෙන් නොපැමිණි බව ඔහු පැවසුවේ ය.

පොලිස් නිලධාරීන් පිළිබඳ පරීක්ෂණයක්

මෙම සිදුවීමේ දී පොලිස් නිලධාරීන් අතින් යම් වරදක් සිදු වී තිබේ ද යන්න සොයා බැලීම සඳහා එම නිලධාරීන් දෙදෙනා පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව තහවුරු කළේ ය.

මේ සම්බන්ධ අපරාධ පරීක්ෂණයක් ද ක්‍රියාත්මක වන අතර එය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් ක්‍රියාත්මක බව පොලිසිය පැවසීය.

මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

සිය සහෝදරයාට සිදු වී ඇති අසාධාරණය වෙනුවෙන් සාධාරණයක් ඉල්ලා භානුක සහ ඔහුගේ පවුලේ අය විසින් ජුනි 13 දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මේ සඳහා සිරකරු අයිතිවාසිකම් කමිටුවේ නීතිඥවරුන් ද සම්බන්ධ වී තිබුණි.

සිරකරු අයිතිවාසිකම් කමිටුවේ කැඳවුම්කරු නීතිඥ සේනක පෙරේරා පවසන්නේ පොලිසිය නිශ්චිත වශයෙන් ම වරදක් සිදු කර ඇති බවයි.

“මේ තරුණයාගේ මුහුණට මොවුන් වෙඩි තබලා තියෙන්නේ. ඔහුට ජීවිත හානියක් වුණත් වෙන්න තිබුණා. වෙඩි තබන්න අත්‍යවශ්‍ය තත්ත්වයක දී වුණත් බලය තියෙන්නේ දණහිසින් පහළට වෙඩි තබන්න. මුහුණට වෙඩි තබන්න ඔවුන්ට කිසි බලයක් නෑ,” ඔහු පවසයි.

“වෙඩි තබලා මේ නිලධාරීන් යන්න ගිහින් තියෙනවා. තරුණයාව රෝහල් ගත කරලා තියෙන්නේ ඔහුගේ මිතුරා විසින්. පොලිසිය මේ කියන විදිහෙ සිද්ධියක් නම් එතන වුණේ ඔහුව රෝහල් ගත කරන්න ඕනෑ පොලිසිය විසින්. නමුත් පොලිසිය ඔහුව එතන අතඇරලා ගිහින් පස්සේ රෝහලේ දී තමයි අත්අඩංගුවට ගන්නේ,” ඔහු පෙන්වා දෙයි.

එම නිසා පොලිසියේ හැසිරීම සහ ඔවුන් එල්ල කරන චෝදනා අතර පරස්පර බවක් තිබෙන බව ඔහු පවසයි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වස්කඩුව වැල්ලේ ඩොල්ෆින් මරණයක්…

Next Post

උතුරු කොරියාවේ ඈත ගම් දනව්වල පවුල් පිටින් සාගින්නේ මිය යති….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.