බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උතුරු කොරියාවේ ඈත ගම් දනව්වල පවුල් පිටින් සාගින්නේ මිය යති….

by editor
ජූනි 17, 2023
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

ඒමන්ති මාරඹේ –

ලොව දුගී මෙන්ම හුදකලා රාජ්‍යයක්  සැලකෙන උතුරු කොරියාවේ බොහෝ වැසියන් එරට පවතින උග්‍ර ආහාර හඟගය හේතුවෙන් කුසගින්නෙන්  මිය යන බව්   විදෙස් මාධ්‍ය පවසයි.

උතුරු කොරියාවේ වාසය කරන මිලියන 26 ක් පමණවන සමස්ත ජනගහණයට ප්‍රමාණනවත් ආහාර  නිපදවීමට අපොහොසත්ව ඇතැයි වාර්තා වේ.

උතුරු කොරියාවේ ජනගහණයෙන්  බහුතරයක් එරට  වත්මන් නායක කිම් ජොන්ග් උන් ගේ සීයා වන කිම් ඉල්  සුන්ග් ගේ පාලන සමයේ සිටම දරිද්‍රතාවයෙන් හා කුසගින්නෙන් පෙලෙමින්  සිටින බව අනාවරණය වී ඇතත් වත්මන් නායකත්වය 2020 වසරේ  ජනවාරි මාසයේදී කොරෝනා වසන්ගතය පැතිරිම වැලැක්වීම සදහා  සිය දේශසීමාවන්  වසා දැමිමත් සමගම ධාන්‍ය ආනයනය සීමා වී මෙම   ආහාර හිඟය තවත් උග්‍ර වී තිබේ.

උතුරු කොරියාවේ  ඈත ගම් දනව්වල වෙසෙන බොහෝ පවුල් පවතින ආහාර හිඟය මත පවුල් පිටින් කුසගින්නෙන් මිය යන බව බීබීසී පුවත් සේවය විසින් පසුගියදා  වාර්තා කර   තිබිණි.

මෙවැනි තත්ත්වයක්  පැවතියදීත් උතුරු කොරියානු පාලනය එම තත්ත්වයට පිලියම් නොයොදා රටේ න්‍යෂ්ටික  වැඩපිළිවෙළ වර්ධනය කිරීම සඳහා වැඩි අවධානයක් හා ආර්ථික සම්පත් යෙදවීම හේතුවෙන් තත්ත්වය තවත් උග්‍ර වෙමින් පවතී.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉකුත් 2022 වසරේදී උතුරු කොරියාව විසින් ඇමරිකානු  ඩොලර් මිලියන 500 කට අධික මුදලක් වැය කරමින් බැලිස්ටික් මිසයිල  63 ක් ගුවන්ගත කර  ඇති බව හෙලි  වී ඇති අතර එය  එරටට වසරකදි ධාන්‍ය  ආනයනය  කිරීම සඳහා වැයවන  මුදලට වඩා වැඩි මුදලකි.

වසර 2020 ජනවාරි මාසයේදී  කොරෝනා වසන්ගතය  සමගම  චීනය සමග සම්බන්ධවන  දේශසීමාව වසා දැමීම හේතුවෙන්  චීනයෙන් ආනයනය කෙරෙන සහල් ඇතුළු ධාන්‍ය  වර්ග මෙන්ම කෘෂි  භෝග වගාවන්ට යොදන පොහොර හා කෘෂි උපකරණ   ආනයනය නතර වී තිබිණි.

එම තීන්දුව  උතුරු කොරියාවට එල්ල වු මරු පහරක් වූ අතර එය   එරට දරිද්‍රතාවයෙන් හා  මන්දපෝෂණයෙන් පෙලෙන ජනගහණය වැඩි වීමට මුල් වු බව විද්වත්හු  පවසති.

උතුරු කොරියාවේ වත්මන් නායක කිම් ජොන්ග් උන් එරට කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා විවිධ  පියවර ගනිමින් ආහාර හිඟය මගහැරීමට   අවශ්‍ය පියවර ගත යුතු බව පෙන්වා දී ඇතත් එම තත්ත්වයෙන් මිදීමට  එරටට තවමත්  හැකි වී නැත.

නොබෝදා බීබීසී පුවත් සේවය උතුරු කොරියානු වැසියන් උපුටා දක්වමින් වාර්තා කර තිබුනේ ඇතැම් ගම්වල එකම පවුලේ සාමාජිකයන් සියල්ලම ආහාර හිඟය හේතුවෙන්  මිය ගොස් ඇති බවයි.

මෙම තත්ත්වය 1994-1998 කාලය තුළ  උතුරු කොරියාවේ හටගත් උග්‍ර දරිද්‍රතාවය  හා සාගතයට සමාන වන අතර එම තත්ත්වය  මත අදාළ  වසර හතර තුළදී  උතුරු කොරියානු වැසියන් දෙලක්ශ හතලිස් දහසකට වැඩි ප්‍රමාණයක්    මියගොස්  ඇති බව වාර්තා  වී තිබිනි.

.විද්වතුන්ට අනුව වර්තමානයේ  හටගෙන ඇති තත්ත්වය  ඒ හා සමාන ව්‍යසනයක් වීමට බොහෝ විට ඉඩ තිබේ.

කෙසේ වුවද විදෙස් මාධ්‍යයන්ට  පනවා ඇති සීමාවන් හේතුවෙන් උතුරු කොරියාවේ දැනට පවතින සැබෑ තත්ත්වය නිවැරැදිව දැන ගැනීම අසීරු වී තිබේ .

්‍

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිසිය  අක්මීමන තරුණයාගේ  කටට වෙඩි තබා අත්බෝම්බ සිද්ධියකට පැටලුවා ද?

Next Post

සෙරෙන්ඩිබ් සහ ප්‍රීමා සමාගම්  පිටි කිලෝවකින් රුපියල් 53ක් ලාභ ලබන හැටි ආත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ හෙළි කරති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.