පොලිස් දෙපාර්තමේන්තුවේ කොවිඩ් ආසාදිත නිලධාරීන් අතුරින් පළමු මරණය ඊයේ (07 වාර්තා විය. මෙසේ මිය ගොස් ඇත්තේ මොනරාගල පොලිස් කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ අන්දිරිදස් අප්පුහාමි නැමති උප පොලිස් පරීක්ෂකවරයෙකි.
59 හැවිරිදි මෙම උප පොලිස් පරීක්ෂකවරයා විශ්රාම යාමට කෙටි කලක් තිබියදී හදිසි හෘදයාබාධ තත්ත්වයකින් පසුගිය 03 වැනිදා මොනරාගල රෝහලට ඇතුළු කෙරුණු අතර එහිදී ඔහු කොවිඩ් ආසාදිතයකු බවට තහවුරු විය. තිදරු පියකු වන ඔහුගේ අවසන් කටයුතු කොවිඩ් ආරක්ෂක නියාමනයන්ට අනුකූලව අද සිදු කිරීමට නියමිතය.
මේ වනවිට පොලිස් නිලධාරීන් 2927ක් කොවිඩ් 19 වයිරස ආසාදනයට ලක්ව ඇත.