අසේල කුරුළුවංශ –
ව්‍යාජ නමකින් සකස් කළ ෆේස් බුක් ගිණුමක් ඔස්සේ මත්කුඩු ජාවාරම හා භාවිතය දැඩි ලෙස විවේචනය කරන අතර මහනුවර හා ඒ අවට ප්‍රදේශවල මත්කුඩු බෙදාහැරි බව කියන රූමත් තරුණියක් මහනුවර පොලීසියේ දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (21) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මත්කුඩු ජාවරම්කරුවන් සම්බන්ධයෙන් මෙම තරුණිය පොලීසියට ඔත්තු සපයමින් පොලිස් නිලධාරීන්ගේ විශ්වාසය දිනාගෙන ඒ ඔස්සේ මෙම ජාවාරම සිදුකර තිබෙන බව පොලීසිය පවසයි.
සැකපිට අත්අඩංගුවට ගත් තරුණිය සතුව තිබී මත්කුඩු ග්රෑම් 17 ක් පොලීසිය සොයාගෙන තිබේ. ලද තොරතුරකට අනුව මහනුවර නගරයේ හෝටලයක් වටලා සිදුකළ සෝදිසි කිරීමකදී මෙම කාන්තාව සමඟ තවත් යුවළක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් අනෙක් දෙදෙනා සතුව හෙරෝයින් ග්රෑම් 02 ක් තිබී පොලීසිය සොයාගෙන තිබේ.
පොලීසියට ඔත්තු දෙමින් මත්කුඩු ජාවාරමේ නිරත තැනැත්තිය ව්‍යාජ නමකින් පවත්වාගෙන ගිය ෆේස් බුක් පිටුවේ ඇගේ මිතුරන් ලෙස පොලිසීයේ හා හමුදාවේ පුද්ගලයින්ද සිටින බව වාර්තා වේ.
සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මෙම කාන්තාව රත්මලානේ සියිමා නැමැති පුද්ගලයාගේ කුඩු ජාලයේ මහනුවර නියෝජිත ලෙස කටයුතු කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
සැකපිට අත්අඩංගුවට ගත් එම කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පොලීසිය රැඳවුම් නියෝගයක් ලබාගෙන තිබේ.
මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මනගේ සෘජු අධීක්ෂණය යටතේ විමර්ශන සිදු කෙරෙයි.







