නුගේගොඩ දෙල්කද මංසන්දියේදී ඉහළ තරාතිරම්වල හැදුනුම්කම් පෙන්මන් බස්නාහිර පළාත් රථවාහන කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනෙකුගේ රාජකාරියට බාධා කළ අමේෂ් නුවන්ත නැමති පුද්ගලයා සිය බිරියත් සමග මහරගම ප්‍රදේශයේ සැලෝන් එක්ක පවත්වාගෙන යන අයෙක් බවත් ඔහු දැන් ප්‍රදේශයෙන් පලාගොස් තිබෙන බවත් මිරිහාන පොලිසිය පවසයි.
හයිලෙවල් මාර්ගයේ ගමන් කළ මෝටර් රථයක් පසුගියදා ඉරකපා ඉස්සර කර යෑමේදි පොලිස් අණ නොතකා ධාවනය කළ නිසා එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි රථවාහන අංශයේ නිලධාරිීන් එම මෝටර් රථය දෙල්කද මංසන්දිය අසළදි ලුහුබැද ගොස් නතර කර තිබිණී.
එහිදි රියදුරුට එරෙහිව නඩු පැවරිමට පොලිස් නිලධාරින් කටයුතු කිරීමේදි රියදුරු විවිධ පුද්ගලයින්ගේ හැදුනුම්කම් තමන්ට ඇතැයි කියමින් පොලිස් නිලධාරින්ට පරුෂ වචනයෙන් හා යාචකයින් යැයි අපහාසාත්මක බැණ වදිමින් ඔවුන් ලබාගන්නා රිය බලපත්‍රය තමාගේ නිවසටම ගෙන්වා ගන්නා බව පවසා තිබේ.
මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් රථවාහන කොට්ඨාසයේ පොලිස් නිලධාරින් මිරිහාන පොලිසියට පැමිණ සටහන්ද යොදා ඇති අතර මෙම සිදුවීමට අදාල විඩියෝව සමාජ මාධ්‍ය මගින් සංසරණය විමෙන් මේ පිළීබද ඉහළ පෙලේ අවධානයද යොමුවී ඇත.
කෙසේ වෙතත් මිරිහාන පොලිසිය මෙම සිදුවිමට සම්බන්ධ පොලිස් නිලදාරින්ගෙන් කරුණු විමසා සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා පරික්ෂණදආරම්භ කර ඇති අතර සිදුකළ මූලික විමර්ශන වලදි මෙම මෝටර් රථයේ රියදුරු ඉහළ පෙලේ හිතවත්කම් ඇතතෙකු නොවන බවද හෙලිවී ඇත.