පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙක් යටතේ නිවාරණ හා විමර්ශන ලෙස කොටස් දෙකකට වෙන් කර නව ප්‍රතිසංස්කරණයක් කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.
පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ සේවය කරන්නේ නිලධාරීන් සියයකට අඩු පිරිසකි. මේ පිරිසේ ප්‍රධානියා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණය.
නිලධාරීන් 100කට අඩු පිරිසක් සහිව අජිත් රෝහණ යටතේ ඇති පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විමර්ශන සහ නිවාරණ ලෙස කොටස් දෙකකට වෙන් කිරීමෙන් පසු විමර්ශන කොටස නියොජ්‍ය පොලිස්පති ලෙස මෑතක දී උසස්වීම් ලැබූ රේණුකා ජයසුන්දරටත්, විමර්ශන අංශය නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධනයටත් පැවරීමට නියමිතය.
විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ලෙස කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අධිකාරී දර්ශිකා කුමාරි සහ සහකාර පොලිස් අධිකාරීවරු තිදෙනෙක් අනුයුක්ත කර තිබේ.
නිවාරණ අංශයේ අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් පත් කිරීමට සැලසුම් කර තිබේ.







