පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථකයකට සිදුකළ පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් තිබේ.
මීපේ දෙළුකැටිය පොලිස් මාර්ග බාධකයෙදී මෙම ත්‍රිරෝද රථයට නවතන ලෙස පොලිසිය අණ කළත් ඔවුන් එම අණ නොතකා පලා ගොස් ඇත.
පලා යන ත්‍රී රෝද රථය හඹා ගොස් කළ පොලිස් වෙඩි තැබීමෙන් ත්‍රී රෝද රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනා මිය ගොස් ඇත. තවත් පුද්ගලයෙක් රථයෙන් බැස පලාගොස් තිබේ.
කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ මාර්ග බාධකයේ දී ත්‍රී රොද රථය නවත්වන්නට අණ කළ විට පොලිසියට වෙඩි තබා ත්‍රි රොද රථය පලා ගිය බවය. අනතුරුව හඹා ගොස් වෙඩි තැබූ බවත් ත්‍රී රොද රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනා අපරාධවලට සම්බන්ධ බවත්, අසල පිස්තෝලයක් වැටි ඇති බවත් පොලිසිය පවසන්නේය.