ලලිත් චාමින්ද –
අක්මිමන ආසනයේ ශ්‍රි.ල.නි.පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා අක්මිමන ප්‍රාදේශීය දේශිය සභාවේ හිටපු සභාපතිවරයකු වන අනිල් ප්‍රියදර්ශන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් හා අක්මිමන ආසනයේ සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් වී සමගි ජන බලවේගය හා ඒක් වී ඇත.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තුළ දේපාර්ශවයක් අතර ඇතිවි තිබෙන ගැටුම්කාරි තත්වය නිසා තමන් දැඩිලෙස කලකිරීමට පත්ව සිටින බව සඳහන් කළ අනිල් ප්‍රියදර්ශන තවදුරටත් පක්ෂය තුළ සිටිමෙන් පලක් නොමැති බවද පවසයි.
අනිල් ප්‍රියදර්ශන, අක්මිමන ප්‍රාදේශීය සභාවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හිටපු මන්ත්‍රිවරයකු වන ටි.එච් තුෂාර සදරුවන්, බොපේ පොද්දල ප්‍රාදේශිය සභාවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිවරයකු සමග සමගිජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හමුවී සමගි ජනබලවේගයට එක්විමට නියමිතව ඇත.
අනිල් ප්‍රියදර්ශනට සමගිජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් සංවිධායක ධුරයක් ලැබිමට නියමිතව ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.