ත්රී කුණාමලය – සමන් මල්ලවආරච්චි –
රටේ රථ වාහන නීතිය ප්රායෝගික කිරීමේ බලය සහිතව ක්රියාත්මකවන, රටට රථවාහන විනය පිළිබඳ කතා කරන ශ්රී ලංකා පොලිසියේ ජිප් රථයක් කහ ඉරක දී කාන්තාවක් යට කරගෙන යන ආකාරය සම්බන්ධ සීසීටීවී දර්ශන පෙළක් නිකුත් වී තිබේ.
මෙම අනතුර සිදුවන්නේ ඊයේ පස්වරුවේ ත්රී කුණාමලය අනුරාධපුර හන්දියේ දීය.
මාර්ග නීති මුළුමනින්ම කඩ කරමින් කහ ඉර මතින් ජිප් රථය ඉස්සර කිරීමට ගොස් කහ ඉර මත දී කාන්තාව අනතුරට පත් කරන ආකාරය එම දර්ශනවල සටහන්ය.
මෙම ජීප් රථය ගෝමරන්කඩවල පොලිසියට අයත් ජිප් රථයකි. සිද්ධිය පිළිබඳ විමර්ශනය කරන උප්පුවේලි පොලිසිය පැවසුවේ අදාල පොලිස් ජිප් රථය සහ පොලිස් රියදුරා අත් අඩංගුවට ගෙන ඊයේ සවසම ත්රී කුණාමලය උසාවියට ඉදිරිපත් කළ බවය.
සිද්ධිය පිළිබඳ උපරිම නීතිමය ක්රියා මාර්ග දියත් කළ බව උප්පුවේලි පොලිසිය පවසයි
මේ සිද්ධිය සීසීටීවී දර්ශනවල සටහන්ව ඇති ආකාරයයි…