පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එස්.කේ. පුෂ්පකුමාර මහතා පොලිස් අධිකාරි තනතුර දක්වා පහත හෙළීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ.
ඒ සුදුසුකම් සම්බන්ධයෙන් වන පැමිණිල්ලකට අදාළව ලද ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකට අනුවයි.
ඒ අනුව පුෂ්ප කුමාර මහතාගේ තනතුර එක් මට්ටමකින් පහත හෙළනු ඇත.
මේ බව දන්වා පොලිස්පතිවරයා විසින් සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ක්ෂේත්‍ර බළකා කොට්ඨාස භාර අධ්යක්ෂවරුන්, දිස්ත්‍රික් භාර නිලධාරීන් සහ මූලස්ථාන පොලිස්පරීක්ෂක/ ස්ථානාධිපතිවරුන් වෙත ද දන්වා යවා ඇත.