පොලිස් විෂමාචාර වාර්තා කිරීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් හඳුන්වා දුන් 0718598888 යන වට්ස්ඇප් අංකයට එක් දිනක් තුළ පැමිණිලි 2,000කට අධික සංඛ්‍යාවක් ලැබී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
පොලිස් විෂමාචාර හෝ පොලිසිය නිසි සේවාවක් ලබා දීමට අපොහොසත් වන අවස්ථා පිළිබඳව ඕනෑම ගැටලුවක් වාර්තා කළ හැකි වන පරිදි මෙම අංකය මහජනතාවට ලබා දී ඇත.
ජනතාවට තම පැමිණිලි WhatsApp හරහා කෙලින්ම පොලිස්පතිවරයා වෙත යැවිය හැකිය.







