පොලිස්පති විශ්‍රාම යෑමෙන් පසු එම තනතුරට කෙනෙකු පත් කිරීම වෙනුවට ඉන්නා පොලිස්පතිට මාස තුනෙන් තුනට සේවා දිගු ලබා දී තබා ගැනීමට සිදුවන තරමට පොලීසියේ විනය පිරිහී ඇතැයි එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු හා පොලිස්පතිවරු පෝලීමක් සිටිය දී ඉන්නා පොලිස්පතිට විශ්‍රාම යාමට නොදී සේවයේ තබා ගැනීමට සිදුවීමෙන් පැහැදිලි වන්නේ රටේ විනය හා නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින කණ්ඩායම පත්ව සිටින තත්ත්වය යැයි ද ඔහු කියයි.
පොලිස්පතිට පසු ජ්‍යෙෂ්ඨත්වයෙන් අංක එකේ සිට හතර දක්වා සිටින නිලධාරීන් ට නොයෙකුත් චෝදනා එල්ල වී තිබෙන බවත් එලෙසින්ම අංක අටේ සිට පහළට ද එවැනි තත්ත්වයක් දක්නට ලැබෙන බවත් කී ඔහු ඒ අතර සිටින කිහිප දෙනාට පමණක් චෝදනා එල්ල වී නැතැයි ද අවධාරණය කළේය.
මහනුවර ඊ.එල් සේනානයක පුස්තකාල ශ්‍රවානාගරයේ දී පැවැති එජප මහනුවර හා සෙංකඩගල ආසන් බල මණ්ඩල රැස්වීමේ දී ඔහු මේ බව පැවසුවේය
රටේ විනය හා නීතිය ක්‍රියාත්මක කරන කණ්ඩායම මෙවැනි තැනකට පත්වූවා නම් සෙසු ඒවා හි තත්ත්වය ගැන කතා කිරීමෙන් පලක් නැතැයි ද ඔහු කීවේය.
පොලීසිය සක්‍රීයාව ක්‍රියාත්මක වනතාක් කල් රටේ නීතිය හා විනය ආරක්ෂා වන බවත් එසේ නොවුණු විට විනය,නීතිය පමණක් නොව පරිපාලනයද බිඳ වැටෙන්නේ යැයි මහ ලේකම්වරයා පැවසුවේය







