පොලිස්පතිවරයාගේ කාර්ය මණ්ඩලයේ සේවය කරන්න පොලිස් රියදුරෙකුට covid-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
ඒ පොලිස්පතිවරයාගේ නිල රථයේ රථයේ රියදුරා නොවුනද පොලිස්පතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් කීප දෙනෙකු ආශ්‍රිතයන් බැවින් ඔවුන් නිවසේ සිට රාජකාරී කිරීමට නියමිතය.
මේ අනුව පොලිස්පතිවරයාගේ කාර්යාලය පිහිටි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ල මුළුමනින්ම විෂබීජහරණය කිරීමට කටයුතු යොදා තිබේ.
මේ අතර පොලිස් මූලස්ථානයේ නිළධාරින්ගේ PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමට ද පියවර ගෙන ඇත.