හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්නට ජනාධිපතිවරයා ලබා දුන් සේවා දිගුව ජුනි 25 වැනිදා අවසන් වූ පසු නව පොලිස්පතිවරයෙකු පත්කිරීම හෝ චන්දන වික්‍රමරත්නට තවත් සේවා දිගුවක් ලබා දෙන්නේද යන්න මෙතෙක් තීරණය කොට නොමැති පසුබිමක වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කරන්නේ ද, නොඑසේ නම් හිටපු පොලිස්පතිවරයාට තවත් සේවා දිගුවක් ලබා දෙන්නේ ද යන්න නිර්දේශ කර එවන ලෙස ජනාධිපතිවරයා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් වෙත දන්වා ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.
පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විෂයබාර අමාත්‍ය ටිරාන් අලස් අතර මේ සම්බන්ධයෙන් සාකච්ජාවක් පවත්වා ඇතැයි ද එහිදී මෙම දැනුම්දීම ජනාධිපතිවරයා විසින් සිදුකර ඇතැයි ද වාර්තා වේ.ෙ
හෙට (09) පස්වරුවේ ජනාධිපතිවරයා සහ ටිරාන් අලස් අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ජාවක් පැවැත්වෙනු ඇති බවත් එහිදී පොලිස්පති ධුරයේ පුරප්පාඩුව වැඩ බලන පොලිස්පතිවරයෙකුගෙන් හෝ හිටපු පොලිස්පතිවරයාගේ සේවා දිගුවකින් සම්පූර්ණ වනු ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න පසුගිය බ්‍රහස්පතින්දා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අල්ස් පෞද්ගලිකවම මුණගැසී ඇති බවටද ආරංචිමාර්ග පවසයිත
විශ්වාසකටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරන්නේ වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කරනවාට වඩා මේ අවස්ථාවේ දි හිටපු පොලිස්පතිවරයාට දෙවැනි සේවා දිගුවක් ලබාදීමේ වැඩි අභිලාෂයක් රජයට පවතින බවය.