පොල්පිතිගම සමූපකාර නිලවරණයේ ජය ජනතා විමුක්ති පෙරමුණ හිමි කරගෙන තිබේ. ඒ මහා සභා නියෝජිතයින් 130ක ගෙන් 94ක් ජයග්‍රහනය කරවමිනි.
දේශපාලන අංශවල දැඩි අවධානය සමූපකාර ඡන්ද වෙත යොමු වී ඇත්තේ බිම් මට්ටමේ ජනතා මතය ප්‍රකාශවන එක් ආකාරයක් සමූපකාර ඡන්දවලින් නිරූපණය වන බැවිනි.
පොල්පිතිගම කොට්ඨාසයේ සමුපකාර ප්‍රාදේශික ගණන 30කි. තේරී පත්වන මුළු මහා සභා නියෝජිතයින් සංඛ්‍යාව 130 කි. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ මහා සභා නියෝජිතයින් 94ක් , සමගි ජන බලවේගය නියෝජනය කළ මහා සභා නියෝජිතයින් 20ක්, සහ ස්වාධීනව ඉදිරිපත් වූ කණ්ඩායමෙන් මහා සභා නියෝජිතයින් 16 ක් තේරී පත් වූ බව වාර්තා වේ.
පොල්පිතිගම සමූපකාර ප්‍රාදේශික 30 අතරින් ප්‍රාදේශික 16කම සම්පූර්ණ බලය ජනතා විමුක්ති පෙරමුණට හිමිව තිබේ.
එම ප්‍රාදේශික වනුයේ අඹගස්වැව, දාගම, නිකවැහැර, කටුගම්පොල ,මඩහපොල , මා එලිය , මොරගොල්ලාගම, සාලියගම, සියඹලන්ගමුව, වැලිපිටිය , කලුගල්ල, කටුපිළලන්ද, ඉරුදෙනියාය, පහළකැලේ, බොරවැව, සහ තල්පත්වැව යි.
පොල්පිතිගම නගරයේ ප්‍රාදේශික යෙන් මහා සභා නියෝජිතයින් 8ක් ජනතා විමුක්ති පෙරමුණට හිමිව ඇති අතර, එම ප්‍රාදේශිකයෙන් සමගි ජන බලවේගය ට හිමි වූ මහා සභා නියෝජිතයින් ගණන 1කි.
ජනතා විමුක්ති පෙරමුණ පොල්පිතිගම සමුපාකාර ප්‍රාදේශික නිලවරණයකට ඉදිරිපත් වූ ප්‍රථම අවස්ථාව මෙයයි. මෙහිදී 72% ක ජයග්‍රහණයක් ජනතා විමුක්ති පෙරමුණට හිමිව තිබේ.
සමගි ජන බලවේගය ට හිමි වූ සභික සංඛ්‍යාවේ ප්‍රතිශතය 15%කි. ස්වාධීන කණ්ඩායමට හිමිවූ සභික සංඛ්‍යාවේ ප්‍රතිශතය 12%කි. මේ අනුව පොල්පිතිගම සමුපකාර ප්‍රාදේශීක නිලවරණයෙන් විශිෂ්ට ජයක් ජනතා විමුක්ති පෙරමුණට හිමිව තිබේ









