සමන්තිකා වීරවර්ධන –
පොල්තෙල් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා පුස් බැදුණු කොප්පරා විශාල වශයෙන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගම සඳහන් කරයි.
මේ වන විට දේශීය පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ මෝල් තුළ භාවිතයට ගැනීමට නොහැකි කොප්පරා විශාල තොගයන් අත්අඩංගුවට ගෙන ඇතැයි සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේය.
කොප්පරාවල බැදුණු පුස් මත ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකාකාරකය හටගන්නා බැවින් එවැනි කොප්පරා මගින් නිපදවනු ලබන පොල්තෙල්වල මෙම පිලිකාකාරකය අනිවාර්යයෙන්ම අඩංගු වන බව ද ඔහු පෙන්වාදේ. .
මෙවැනි පිළිකාකාරක කොප්පරාවලින් පොල්තෙල් නිෂ්පාදනය කිරීමට දේශීය පොල්තෙල් නිෂ්පාදකවරුන්ට කිසිසේත්ම ඉඩ ලබා නොදෙන බව හෙතෙම පැවසීය.;