පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්නන් සඳහා එන්නත් කාර්ඩ්පත අනිවාර්ය කිරීමට අදාල ලිඛිත දැනුම්වත් කිරීම මේ වනතුරුත් ලැබී නැති නමුත් එය ලැබුණු වහාම අදාල පියවර ගැනීමට සියලුම කටයුතු සංවිධානය වෙමින් ඇතැයි වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම පවසයි.
නුවර දී මධ්‍ය අමතමින් ඔහු ප්‍රකාශ කළේ වසංගත සමයකට මූලිකවම රට හසුරුවනු ලබන්නේ සෞඛ්‍ය නියාමනයන් මත පදනම්ව බවය.
රාජ්‍ය ඇමතිවරයා මෙසේ ද පැවසීය.
“සෞඛ්‍ය අංශයෙන් යම් චක්‍රලේඛයක් හෝ දැනුවත් කිරීමක් කරනවා නම්, පොදු ප්‍රවාහනයේ ගමන් කළ යුත්තේ එන්නත් තුනම ලබාගත් අය පමණයි කියලා ඒකට අපිට අනුගත වෙන්න සිද්ධවෙනවා. “
“මොකද මේක වසංගත තත්ත්වයක්. ඒ තත්ත්වය පිළිබඳව තීන්දු තීරණ ගත යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. ඒ අනුව ඒ අය අපිට දෙනවා නම් උපදෙසක් මේ අය පමණයි පොදු ප්‍රවාහනයේ ගමන් කළ යුත්තේ කියලා ඒකකට අපි ට අනුගත වෙන්න සිද්ධ වෙනවා. “
“මේ පිළිබඳව අපි ලිඛිතව දැනුම්දීමක් කරලා නෑ. නමුත් ඔය කියන විදියට චක්‍රලේඛ නිකුත් කරලා ලිඛිතව අපිව දැනුවත් කරයි. ඒ වෙද්දි පෞද්ගලික, ලංගම හා දුම්රිය දැනුම්වත් කරලා එන්නත් කාඩ්පත් පරීක්ෂා කරන්න කියන උපදෙස දෙන්න පුළුවන්.”