සියලුම දේශපාලනික අරමුණු පසෙකලා පේරාදෙණිය සරසවියේ සෑම ශිෂ සංවිධානයක්ම ඒකාබද්ධව දැක්වූ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හරින්නට මීට ස්වල්ප වෙලාවකට පෙර පොලිසිය කටයුතු කළේය.
දරාගත නොහැකි ආර්ථික සමාජ අර්බුදය හමුවේ ඇති කර තිබෙන මර්ධනයට එරෙහිවීම සඳහා ඇඳිරි නීතිය නොතකා සංවිධානය කළ මෙම ශිෂ්‍ය විරෝධය පිළිබඳ සැලවූ වහාම පොලිසිය සරසවි පරිශ්‍රය ආසන්නයට ගොස් තිබේ.
එහිදී ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් ඔවුන්ට විරෝධයපෑම නිසා සරසවි පරිශ්‍රය අසලින් ඉවත් වී ගලහා හන්දිය අසල මාර්ග බාධක සහිතව ආරක්ෂාව දැඩි කර තිබී ඇත.
සරසවි භූමිය තුළ සංවිධානය වූ ශිෂ්‍යයන් පන්සියයකට අධික පිරිසක් පෙළපාලියකින් මහනුවර නගර මධ්‍යයට පැමිණීම සඳහා පා ගමනින් පැමිණෙද්දී ගලහ හන්දියේ පොලිස් මාර්ග බාධකය අතර උනුසුම් තත්වයක් උද්ගත වී ඇත.
අනතුරුව පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර විරෝධතා කරුවන් විසුරුවා හැර තිබේ.