ශිෂ්‍ය පිරිසකගේ පහරකෑමකට ලක් වූ දන්ත වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුන් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහල ට ඇතුළත් කර තිබේ.
දන්ත වෛද්‍යවරුන් තිදෙනාට මෙසේ පහර දී ඇත්තේ පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ සිසුන් තිදෙනෙක් බව වාර්තා වේ.
විශ්වවිද්‍යාලීය ජයතිලක නේවාසිකාගාරයේ දී ඊයේ අලුයම 2 පමණ මෙම පහරදීම සිදුව තිබෙන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසයි.
බීමත්ව යතුරු පැදියකින් පැමිණි ඉංජිනේරු සිසුන් විසින් ඩොලැක්කියක් ඉල්ලා සිට ඇති බවත් එය ලබා දීම ප්‍රතික්ෂේප කළ විට මෙම දන්ත වෛද්‍ය සිසුන් තිදෙනාට පහර දී ඇති බවත් පහර කෑ සිසුන් විසින් පොලිසියට පවසා ඇත.
පහරදීම සිදුකළ සිසුන් හඳුනාගෙන අති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පැවැත්වෙන බවත් පේරාදෙණිය පොලිසිය කියයි.
සිදධිය සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ද අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.







