පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ කලාගාරය අසලදී ත්‍රිරෝද රථයක ගැටී තුවාල ලබා වයස පනහක් හැටත් අතර කාන්තාවක් මියගොස් තිබේ.
ඇය කාගේ කවුරු ද යන්න හෝ ඇය පදිංචිව සිට ඇත්තේ කොතැනකද යන්න තහවුරු කර ගැනීමට අවස්ථාවක් නොලැබුණ බව පේරාදෙණිය පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති එස්.එම්. සෙනවිරත්න පවසයි.
පසුගිය 2 දා රාත්‍රී හතට පමණ සිදුවූ මෙම අනතුරින් මිය ගිය කාන්තාවගේ මළ සිරුර මේ වන විට මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබේ.
අදාළ ත්‍රිරෝද රථයේ රියදුරු ඊයේ 3 මහනුවර වැඩ බලන මහේස්ත්‍රාත්වරයා ට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක මුදල් ඇප සහ ලක්ෂයේ බැගින් වූ ශරීර අප දෙකක් මත මාර්තු 27 වෙනි දින තෙක් මුදා හැරීමට නියෝග කළේය.
අනතුර සිදුවන අවස්ථාවේ දී මිය ගිය කාන්තාව සායක් සහ හැට්ටයක් ඇඳ සිටි සාමාන්‍ය සිරුරක් සහිත කොණ්ඩය තරමක් දිගට ම තිබූ තලලු අයකු බවද ඇයව දන්නා හඳුනන කිසිවෙකු හෝ වෙතොත් පේරාදෙණිය පොලිසිය වෙත ට පැමිණ ඒ බව දන්වන ලෙස වාහන අංශයේ ස්ථානාධිපති සෙනෙවිරත්න මහතා දැනුම් දෙයි
සිද්ධිය සම්බන්ධයෙන් සෙනෙවිරත්න මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක සරත් මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි







