ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් මෙට්‍රික් ටොන් 41000ක් අඩංගු පෙට්‍රල් බැරල් ලක්ෂ 3ක් මිල දී ගැනීම සඳහා මහජන බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 42.6ක ( ඩොලර් හතලිස් දෙලක්ෂ හැට දහක) ණයවර ලිපි විවෘත කළ බව මහජන බැංකුව පවසයි.
ඊයේ (16) දිනයේ දී අදාළ ණයවර ලිපි විවෘත කිරීමට පියවර ගත් බවයි මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මාධ්‍යයට ප්‍රකාශ කළේය.
එම ණයවර ලිපිවලට අදාළ පෙට්‍රල් තොගය වහාම දිවයිනට ගෙන්වන බව රජය කියයි.
එමෙන්ම ඉන්දීය ණය ආධාර වැඩසටහන යටතේ මෙරටට ලැබුණු අවසන් ඉන්ධන තොගය රැගෙන ඊයේ කොළඹ වරායට පැමිණි ඩීසල් නෞකාවේ ඉන්ධන ගොඩබෑමේ කටයුතු ඊයේ රාත්‍රියේ සිටම ආරම්භ වී තිබේ.