ටෙහ්රික් ඊ ඉන්සාෆ් පක්ෂය විසින් සියයට තිහක් අඩුවෙන් රුසියාවෙන් තෙල් මිලදී ගැනීමේ ගනුදෙනුව සිදු නොකරමින් පෙට්‍රල් හා ඩීසල් මිල ලීටරයක් පාකිස්ථාන රුපියල් 30කින් ඉහළ දැමීම සම්බන්ධයෙන් හිටපු අගමැති ඉම්රාන් ඛාන් රජයට චෝදනා එල්ල කරයි.
“ආනයනය කරන ලද රජයේ යටහත්පහත්කම සඳහා මිල ගෙවීමට ජාතියට සිදු වී ඇත. පෙට්‍රල් හා ඩීසල් ලීටරයකට මිල රු. 30 බැගින් (සීයට 20ක්)වැඩිවීමත් සමඟ් අපේ ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල වැඩිවීමට ජනතාව මුහුණ දී තිබේ. අපගේ අදක්ෂ හා අසංවේදී රජය සීයට 30ක් අඩුවෙන් රුසියාවෙන් තෙල් මිලදී ගැනීමේ ගනුදෙනුව හා සම්බන්ධ වී නැත..”
ඉම්රාන් ඛාන් ට්විටර් පණිවිඩයක් මඟින් පවසා තිබේ.
තවත් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර තිබුණේ ‘එක්සත් ජනපදයේ උපායමාර්ගික සහචරයෙකු වෙන ඉන්දියාව, රුසියාවෙන් අඩු මිලට තෙල් මිලට ගෙන ලීටරයක් පාකිස්ථාන රු. 25ක් අඩුවෙන් ජනතාවට ලබා දෙයි. තක්කඩි රජය රට දැවැන්ත උද්ධමනයට ගොදුරු කරවනු ඇත.’ යනුවෙනි.
පාකිස්ථානයේ ඉන්ධන මිල වැඩි කිරීමෙන් පසු පෙට්‍රල් ලීටරයක් පාකිස්ථාන රු. 179.86ක් ද, ඩීසල් ලීටරයක් රුපියල් 174.15ක් ද, භූමිතෙල් ලීටරයක් රු. 155.56ක් ද වශයෙන් වැඩි වී තිබේ.
පාකිස්ථාන මුදල් අමාත්‍ය මිෆ්ටා ඉස්මයිල් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මිල වැඩි කිරීම හැර වෙන විසඳුමක් රජයට නොවූ බවත් තවමත් ඩීසල් ලීටරයකින් පාකිස්ථාන රුපියල් 56ක් පාඩු විඳින බවත් ය.