රූපවාහිනී ශිල්පියෙක් සහ කීර්තිමත් මාධ්‍යවේදියෙක් වූ දනු ඉන්නසිතම්බි විසින් රුපියල් මිලියන 200ක වන්දියක් ඉල්ලා ශ්‍රී ලංකා විවාහක රූ රැජණ පුෂ්පිකා ද සිල්වා වෙත සිය නීතඥයින් මාර්ගයෙන් එන්තරවාසියක් යවා තිබේ.
ඔහු මෙම එන්තරවාසිය පුෂ්පිකා ද සිල්වා වෙත යොමු කරන්නේ පසුගිය බදාදා පුෂ්පිකා ද සිල්වා විසින් තමන්ට දුරකථනයෙන් තර්ජනය කිරීමක් සම්බන්ධව ඇයට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක් ගොනු කිරීමෙන් පසුය.
“මිසිස් වර්ල්ඩ් ඉන්කෝපරේෂන්“ හි උප සභාපති ටානා ජොන්සන් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකින් අනතුරුව පුෂ්පිකා ද සිල්වා විසින් තමන්ට තර්ජනය කළ බව දනු ඉන්නසිතම්බි සඳහන් කරයි.
දනූගේ සම්මුඛ සාකච්ඡාවට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ ද්වේෂසහගත සහ අසත්‍ය ප්‍රකාශ සිදුකළ බවට ද පුෂ්පිකා ද සිල්වාට චෝදනා එල්ල වී ඇත.
එබැවින් දනු ඉන්නසිතම්බි පුෂ්පිකා ද සිල්වා වෙත මෙම එන්තරවාසිය යවා තිබේ.