අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුරාවෘත්ත තැනූ මහත්වරු නැත… ඉන්නේ තුට්ටු දෙකේ හිඟන්නන්ය….

by editor
මාර්තු 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

  • සංගක්කාර අඳ ගොවියෙක්…. යහළි සංගක්කාර රුපියල් 7000ක මාසික ආදායමක් ලබන අඩු ආදායම් ලාභී කාන්තාවක්..

  • හොරට හැඳුනුම්පතකුත් හදලා… පවරන් තියෙන්නෙ රෝගී වෙලා අරසණ වුණු යුවලකගෙ ඉඩමක්….

  • අඩු ආදයම් ලාභී පවුල්වලට ජීවත්වෙන්න දෙන ඉඩම් කට්ටියත් කූට ලේඛණ හදලා කොල්ල කාලා… නඩු ඇහුවොත් ඇපත් නැතිව හිරේ….

කුමාර් සංගක්කාරට හා යහළි සංගක්කාරට යළත් ස්තුතිවන්ත විය යුතුව තිබේ. ඒ   මේ රටේ අවස්ථාවදී පාදඩ හිඟන්නන් විනා මහත්වරුන් නැති බවත්, පුරවෘත්ත තැනූ මිනිස්සුන් තුළ ඇත්ත මිනිසුන් ජීවත් වී නැති බවත් කියා දීම සම්බන්ධවය.

එය අප ප්‍රාර්ථනා නොකළ කතාවකි.  මරණයට වැටී දහදුක් විඳින අහිංසක පවුලක ඉඩම් කොටසක් ඔවුන්ට ප්‍රතිකාර සඳහා උදව් උපකාර කර ලබා දුන් මුදලට සරිවන්නට   ලියා ගැනීමට තරම්  හිඟන්නෙක් සංගාකාර තුළ ජීවත් වෙමින් සිට ඇත. ඒ වෙනුවෙන් අඩු ආදායම් ලාභී කාන්තාවක් ලෙස පෙනී සිටින්නටත්, කූට ලේඛන හදා ගන්නටත්, ලෝක පූජිත තම සැමියා අඳ ගොවියෙක් කරන්නටත් ඔහුගේ බිරිය යහළි සංගක්කාරට හැකි වී තිබේ.

අද සිළුමිණ පුවත්පත මේ කතාව තොරතුරු සහිතව හෙළිදරව් කර තිබුණේය. තොරතුරු දැනගනැමේ පනත යටතේ ලබාගත් තොතරතුරු ප්‍රකාරව නියමාකාර ගවේෂණාත්මක වාර්තාකරණයක් සිදුකර මේ අශිෂ්ට ගනුදෙණුව  ගැන ලෝකයට කියා තිබුණේය.

අප කිසිවිටෙක ප්‍රාර්ථනා නොකළ සංගක්කාරගේ නිරුවත්වීම පෙළ ගැසෙන්නේ මෙසේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන ග්‍රාම නිලධාරීවරයෙක් හදිසි වැඩ තහනමකට ලක් විය.  සිද්ධිය ඉඩම් ගනුදෙණුවකි.  මෙම ගනුදෙණුවේ සැකකටයුතු භාවය සම්බන්ධව  ප්‍රශ්න කෙරෙමින් පැවතිනි. ඒ නිසා සිළුමිණ පුවත්පත වෙනුවෙන් ලිපියක් සපයන සීගිරිය විශේෂ වාර්තාකරු තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම ගනුදෙනුවේ සියලු ලේඛණ ලබාගෙන තිබුණේය.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මයිලත්තාව ප්‍රදේශයෙ පදිංචි  ඇතුල් පේලිගේ පද්මිණි නැමිති දුගී කාන්තාවක් ඉඩමක් රජයෙන් පවාරාගෙන ජීවත් වූවාය. ඇයත් ඇයගේ සැමියාත් සිටියේ ලෙඩ ගානේය. අන්ත අසරණ මේ යුවලට ඉඩම භුක්ති විඳිමින් එය නඩත්තු කරගැනීමට හැකියාවක් නොතිබිණි. ඒ  නිසා තවත් අඩු ආදායම් ලාභී කාන්තාවකට එය පවරා දෙන ලෙස ඇය ප්‍රාදේශීය ලේකම් වරයාගෙන් ඉල්ලා සිටියාය.

මෙවන් හිමිකමක් පැවරීමට වසමේ ග්‍රාම නිලධාරීවරයා මෙන්ම ඉඩම් නිලධාරීවරයා ද හිමිකම පරීක්ෂා කළ යුතුය.  අනතුරුව සියලු තොරතුරු ප්‍රාදේශීය ලේකම්වරයාට ලබා දිය යුතුය.   අවසානයේ පැවරීම සනාථ කරන අත්සන ප්‍රාදේශිය ලේකම් විසින් තැබිය යුතුය.

ඉඩම පවරා තිබුණේ  ඇරුව්වල දඹුල්ල යන ලිපිනයේ පදිංචි කාන්තාවකටය. පදිංචිය තහවුරු කිරීම සඳහා ඇයගේ හැඳුනුම්පතේ පිටපතක් ද ලේඛණයට අමුණා තිබුණේය.  ඉදිරිපත් වූ තොරතුරු අනුව  ඇය අඩු ආදායම් ලාභීය. ග්‍රාමසේවකවරයා තහවුරු කළ ආකාරයට මාසික ආදායම රුපියල් 7000ක් පමණය.  සැමියා කරන්නේ ගොවිතැන්ය. දෙපළට දරුවන් නැත. දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරියගේ අත්සනින් යුතුව දෙසැම්බර් 14 දා ඉඩම ඉහත අඩු ආදායම් ලාභී කාන්තාවට පැවරීමට ප්‍රාදේශීය ලේකම් කටයුතු කළේය. ඉඩමේ වපසරිය රූඩ් 2යි පර්චස් 15.1කි.

එහෙත් තොරුතුරු සොයගෙන යනවිට එවැනි කාන්තාවක් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලියාපදිංචි වී සිටියේ නැත.  ඉහළ ඇරැව්වල දඹුල්ල ලිපිනයේ පදිංචි එවැනි කාන්තාවක් ගැන කිසිදු තොරතුරක් තිබුණේ නැත. කෙසේ වෙතත් මේ කාන්තාව කවරෙක් දැයි ඇය ඉදිරිපත් කර තිබූ ව්‍යාජ හැඳුනුම්පතේ රූපය අනුවම නිශ්චය කරගත හැකි විය.

හෙළි වන්නේ අපි කිසිවිටෙකත් ඇසිය යුතු නැති අසන්නට බලාපොරොත්තු නොවූ කතාවකි. අඩු ආදායම් ලාභී කාන්තාවක් ලෙස පෙනී සිටිමින් මේ ඉඩම පවරාගෙන තිබුණේ  මහත්මයෙක් සේ ලෝකය හඳුනාගත් ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ බිරිය යහළි  සංගක්කාරය.

සංගක්කාර බිරිය ඉඩම පවරා ගත් දුගී කාන්තාව තමා ඉඩම ලබා දුන්නේ කවරෙකුටදැයි දැන සිටියේ නැත. ඇය මෙසේ කීවාය.

“ මමයි මහත්තයයි දෙන්නම අසනීපෙන්. අපිට බෙහෙත් ගන්න උදව් කළා මගෙ ඉඩම ලඟ ඉඩමක කෙනෙක්. එයා අපට සල්ලි දුන්නා. ඉතින් අපි එයාට මේ ඉඩම පැවරුවා…  ඉඩම දැනට පැවරී තියෙන කෙනා ගැන දන්නෙ නෑ මහත්තයා…“

දැන් සතා එළියට පැන ඇත. යලි ඒ තිරිසනා මල්ලට දමාගෙන සඟවා ගන්නට ඔවුන්ට හැකිවනු ඇතිදැයි නොදනිමු. ලංකාවේ ජීවත්වන සුපිරි කෝටිපතියෙක් වූ සංගක්කාර, ස්වකීය වෘත්තියෙන් ලැබිය හැකි ඉහළම වේතන ලබන සංගක්කාර,  ත්‍රී විල් විකිණීමේ සිට පිළිකාකාරක නූඩ්ල්ස් යහ හතර නොදන්නා පොඩි උන්ට විකුණා මුදල් හම්බකිරීමට සූදානම්ව සිටි සංගක්කාර අඳ ගොවියෙකුට ඇඳගෙන මැරෙන්නට වැටී සිටි මිනිහෙකුගේ ඉඩමක් ව්‍යාජ ලිපි ලේඛණ සකසා පවරා ගැනීමට තරම් වූ හිඟන්නෙක් බව දෙවියන් පල්ල මේ ලියන මාවත් සිහිනයෙන් හෝ සිතුවේ නැත. සංගක්කාරගේ “බයෝ ග්‍රැෆිය“ ඉංග්‍රීසියෙන් ලියූ පසු එය සිංහලට නගන්නට බලා සිටින මහාචාර්ය ලියනගේ අමරකීර්තිත් මේ වග හිතන්නට නැත. ඔස්කාවයිල්ඩ් ගේ පොත් ඉංග්‍රීසියෙන් කියවූ සාහිත්‍යධර සංගක්කාරලා මේ රටේ මිනිස්සුන්ගේ පරඬැල් වැනි ජිවිතවලට ආදරය කර නැතිබව අමරකීර්ති ලියා තබනු ඇතිදැයි නොදනිමි.

ඊයේ වනවිට මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී මේ සම්බන්ධව වහාම පරීක්ෂණයක් කර ඔප්පු අවලංගු කිරීමට කටයුතු කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර, නිතිඥ ලලිත් යු ගමගේ   අදාළ නිලධාරින්ට උපදෙස් දුන් බව වාර්තා විය.  සිදුවෙමින් ඇත්තේ බරපතල ක්‍රියාවක් බව කීවේය. දුගී මිනිස්සුන්ගේ ඉඩම් කොල්ලකන මේ කටයුතුවලට වැට බැඳිය යුතු බව කීවේය. ඔහු කීවේ හොර ඔප්පු හැදූ ග්‍රාමසේවකගේ දරුවෙක් කුමාර් සංගක්කාර විසින් නුවර උසස් විද්‍යාලයකට ඇතුළත් කර දී ඇති බවය.

මේ පාදඩ වංචාවට නීතිය ක්‍රියාත්මක වුවහොත් ඇපත් නැත. හොර ඔප්පු පමණක් නොව හොර හැඳුනුම්පත් කූට ලේඛන ඉදිරිපත් වී තිබේ. එසේ කර වංචා කර ඇත්තේ එදාවේල හොයාගන්නට බැරි දුගී අසරණයන්ගේ වත්කම්ය.

අප දැන් බලා සිටින්නේ රටේ නීතිය දෙසය.

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාලගුණය වෙනස් වෙයි… මධ්‍යම සබරගමුව දකුණ සහ බස්නාහිරට ගිගිරුම් සහිත වැසි….

Next Post

හෙට කළු ඉරිදා කළු ඇඳන් කළු පටි පැළඳ දේව මෙහෙයට එන්න…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.