දිනසේන රතුගමගේ –
වවුනියාව නෙඩුන්කේණී වෙඩුක්කුනාරී ආදී ලිංගේස්වර කෝවිලේ දේව ප්‍රතිමාවලට හානි සිදු කළ පළාතේම දෙමළ තරුණයින් තුන් දෙනෙකුව නෙඩුන්කේණී පොලීසිය විසින් ඊයේ (1 ) අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම හින්දු කෝවිල සම්බන්ධයෙන් විශාල මතභේදයක් පවතින නිසා එහි ප්‍රතිමා කඩා විනාශ කළ අවස්ථාවේදී ප්‍රදේශයේ වැසියන් හා දෙමළ දේශපාලනඥයින් එහි වරද පුරා විද්‍යා නිලධාරීන් වෙත පටවා ඒ ගන වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන්ද ඉල්ලීමක් කොට තිබුණි.
එම සිද්ධියට විරෝධය පල කරමින් මුළු උතුරු ප්‍රදේශයේම විරෝධතා සංවිධානය කළ අතර සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තුවේද විශාල හඩක් දෙමළ මන්ත්‍රීවරු විසින් නගා තිබුණි.
මේ අතරවාරයේ පුරා විද්‍යා නිලධරීන් කළ විමර්ශනයකදී කෝවිලේ ප්‍රතිමා කඩා විනාශ කිරීමට සම්බන්ධ මේ තරුණයින් පිළිබඳව ඔවුන්ට තොරතුරු ලැබී ඒ ගැන නෙඩුන්කේණී පොලීසියට කළ පැමිණිල්ලකට අනුව ඔවුන් තුන් දෙනා අත් අඩංගුවට ගෙන තිබේ.
2023 මාර්තු මස 27 වෙනිදා රාත්‍රියේ කෝවිලේ කඩා දැමූ ප්‍රතිමා යළි ඉදිකිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට දැණුම් දී තිබූ අතර ඒ අනුව අප්‍රේල් මස 2 දා කැඩී ගිය ප්‍රතිමා වෙනුවට නව ඉදිකිරීම් ආරම්භ කිරීමට පෙර ප්‍රතිමා විනාශ කළ පිරිස පොලිස් අත් අඩංගුවට පත්ව ඇත.
නෙඩුන්කේණී පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.