දරන පුරාවස්තු ආඥාපන්ත සංශෝධනය පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
ශ්‍රී ලංකාවේ පුරාවස්තු සහ ශ්‍රී ලංකාව තුළ ඇති ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථාන හා ගොඩනැගිලි සංරක්ෂණය කිරීම සඳහා සම්මත කර ඇති 1940 අංක 9 දරන පුරාවස්තු ආඥාපනත අවසන් වරට සංශෝධනය කරනු ලැබ ඇත්තේ 1998 වර්ෂයේදීය.
පුරා වස්තු ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වර්ථමානයේ මුහුණ දී ඇති අභියෝග තේරුම් ගෙන වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි , විශේෂයෙන්ම පුරා වස්තු විනාශය, පුරාවස්තු සොරකම, අනවසර කැණීම් සහ පුරාවස්තු අපනයනය වැළැක්වීමට කඩිනමින් පියවර ගැනීම සඳහා නව නීතිරීති ඇතුළත් කරමින් අදාළ ආඥාපනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් පැන නැගී ඇති බැවින් මෙම පනත සංශෝධනය කිරීමට කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශ කම්කරු හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද පැවසුවේය.
අද ප්‍රකාශයට පත් කළ කැබිනට් තීරණ මෙසේය.
01. කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය සඳහා සිංගප්පූරුවේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ වැඩසටහනේ සහයෝගය ලබා ගැනීම
කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය සඳහාවන ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික පරමාර්ථයන්ට දායක ටිය හැකි සජීවි හවුල්කාරිත්වය සහ දැනුම හුවමාරු කර ගැනීමේ අවස්ථා සොයා බැලීම සඳහා සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලය යටතේ ක්‍රියාත්මක ” සිංගප්පූරු කෘත්‍රිම බුද්ධිය පිළිබඳ වැඩසටහන ” (AI Singapore) සමඟ සාකච්ඡා පවත්වා තිබේ. ඒ සඳහා දෙරට අතර සහයෝගිතාව විධිමත් කිරීම පිණිස අවබෝධකා ගිවිසුමක් අත්සන් තැබීම් සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී ඇත. එමඟින්, දේශීය හා ගෝලීය අභියෝගවලට මුහුණ දීමට හැකි වන පරිදි කෘත්‍රිම බුද්ධි තාක්ෂණයන් සංවර්ධනය කිරීම සඳහාවන ඒකාබද්ධ පර්යේෂණ ඇරඹුම සිදු කිරීම, කෘත්‍රිම බුද්ධිමය වැඩසටහන් පැවැත්වීම හා අන්‍යෝන්‍ය සහයෝගය ඇති කර ගැනීම අරමුණු කර ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලය අතර යෝජිත අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම පිණිස ඩිජිටල් අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
02. හංගේරියාවේ Stipendium Hungaricum ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ උසස් අධ්‍යාපන සහයෝගිතාව සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීම
දැනුම මූලික සමාජයක් බිහි කරලීම තුළින් දෙරටේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි අන්‍යෝන්‍ය සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිණිස හංගේරියාවේ විදේශ කටයුතු හා වෙළෙඳ අමාත්‍යාංශය හා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට සැලසුම් කර ඇත. 2022-2024 කාල සීමාවට අදාළව එළඹුණු අවබෝධතා ගිවිසුමේ දිගුවක් වන මෙම ගිවිසුම හරහා ශ්‍රී ලාංකීය සිසුන්ට ප්‍රථම උපාධි හා පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව අවස්ථා සැලසෙනු ඇත. ගිවිසුමේ සෘජු ප්‍රතිලාභ ලෙස ශ්‍රී ලාංකීය සිසුන් සඳහා විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය, වෛද්‍ය විද්‍යාව, සෞඛ්‍ය විද්‍යාව සහ කෘෂිකර්මය ආදී ක්ෂේත්‍රයන් යටතේ ප්‍රථම උපාධි අවස්ථා 08ක්, පශ්චාත් උපාධි අවස්ථා 08ක් සහ ආචාර්ය උපාධි අවස්ථා 04ක් ලෙස ශිෂ්‍යත්ව අවස්ථාවන් 202ක් Stipendium Hungaricunm ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ වාර්ෂිකව හිමි වනු ඇත. යෝජිත අවබෝධතා ගිවිසුම 2025-2027 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, හංගේරියාවේ විදේශ කටයුතු හා වෙළෙඳ අමාත්‍යාංශය සමඟ යෝජිත අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
03. මාලදිවයින් ජන රජයේ විදේශ සේවා ආයතනය සමග රාජ්‍යතාන්ත්‍රික පුහුණුව සහ තොරතුරු හා ලේඛන හුවමාරුව සඳහා වන අවබෝධතා ගිවිසුමකට එළඹීම
විදේශ සේවයේ නිලධාරීන් පුහුණු කිරීම සඳහා ස්ථාපිත කරනු ලැබ ඇති ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය සහ මාලදිවයිනේ විදේශ සේවා ආයතනය අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සහ අවබෝධය වැඩිදියුණු කිරීම අරමුණු කරමින් අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී තිබේ. එමඟින්, අධ්‍යයන වැඩසටහන් හා අනෙකුත් අධ්‍යයන කටයුතු පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීම, විද්වතුන්, සම්මන්ත්‍රණ සඳහා සම්පත් දායකයින් හා පොදුවේ උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර වල විශේෂඥයින් හුවමාරු කර ගැනීම, දෙරට විසින් පිරිනමනු ලබන පුහුණුවීම් සඳහා සහභාගි වීමට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට අවස්ථාව සලසා දීම සහ කොළඹ හා මාලේ යන නගර වලදී පාඨමාලා හා සම්මන්ත්‍රණ සංවිධානය කිරීම අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය සහ මාල දිවයිනේ විදේශ සේවා ආයතනය අතර යෝජිත අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
04. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව සහ මැලේසියාවේ කෘෂිකාර්මික පර්යේෂණ හා සංවර්ධන ආයතනය අතර ක්‍රියාකාරී සැලැස්මක් අත්සන් තැබීම
මැලේසියාවේ කෘෂිකාර්මික පර්යේෂණ හා සංවර්ධන ආයතනය සහ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව අතර විද්‍යාත්මක සහයෝගිතාව විධිමත්ව පවත්වා ගෙන යාමේ අරමුණින් 2016 වර්ෂයේ දී අත්සන් කරනු ලැබූ අවබෝධතා ගිවිසුම තවත් වසර පහකින් දීර්ඝ කිරීම පිණිස 2023-05-29 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත. එකී අවබෝධතා ගිවිසුම අනුව, දෙපාර්ශ්වය අතර වසර පහක් (05) සඳහා ක්‍රියාකාරී සැලැස්මක් අත්සන් තැබීම පිණිස එකඟතාවකට පැමිණ තිබේ. එකී ක්‍රියාකාරී සැලැස්ම අත්සන් තැබීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.
05.නැනෝ විද්‍යා උද්‍යානය ස්ථාපිත කිරීම සඳහා සහ කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය ස්ථාපිත කිරීම සඳහා වෙන් කර දී ඇති ඉඩම්වල අයිතිය පවරා දීම
නාගරික සංවර්ධන අධිකාරිය විසින් විද්‍යා හා තාක්ෂණ ආශ්‍රිත සංවර්ධන කටයුතු නංවාලීම සඳහා හා ඒ ආශ්‍රිත ආයතන ස්ථාපිත කිරීම පිණිස හෝමාගම, පිටිපන, මාහේනවත්ත ප්‍රදේශයේ පිහිටි ප්‍රමාණයෙන් හෙක්ටයාර 91.40ක (අක්කර 225 රූඩ් 3 පර්චස් 4.14) ඉඩම් ප්‍රමාණයක් අත්කර ගෙන ඇත. එකී ඉඩම්වලින් ඉඩම් කොටස් 02 ක් නැනෝ විද්‍යා උද්‍යානය ස්ථාපිත කිරීම සඳහා සහ කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය ස්ථාපිත කිරීම සඳහා ලබා දීමට නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකරණ මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, නැනෝ විද්‍යා උද්‍යානය ස්ථාපිත කිරීම සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය වෙත හෙක්ටයාර් 19.25ක් (අක්කර 47 රූඩ් 2 පර්වස් 10.8) සහ කොළඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨය ස්ථාපිත කිරීම සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙතහෙක්ටයාර් 7.18ක් (අක්කර 17 රූඩ් 2 පර්වස් 37.74) අදාළ තක්සේරු වටිනාකම අය කිරීමට යටත්ව අයිතිය පවරා දීම සඳහා නාගරික සංවර්ධන, ඉදිකිරීම සහ නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
06. සයිබර් තර්ජන හඳුනා ගැනීම යහ අනිෂ්ට මෘදුකාංග විශ්ලේෂණ පර්යේෂණ ඒකකයක් (Threat Hunting and Malware Analysis Lab ) පිහිටු වීමේ ව්‍යාපෘතිය
ශ්‍රී ලංකා ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය, ජාතික දත්ත හුවමාරු කිරීමේ ඩිජිටල් වේදිකාව සහ ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud) වැනි ප්‍රධාන ව්‍යාපෘති සහ අනෙකුත් රාජ්‍ය ආයතන තුළ සිදු වන ඩිජිටල්කරණ ව්‍යාපෘති මඟින් ශ්‍රී ලංකාව සිය ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට අපේක්ෂා කරනු ලබයි. එවැනි ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාවට නැංවීම සඳහා ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම ඉතාමත් වැදගත් අවශ්‍යතාවක් ලෙස හඳුනාගනු ලැබ තිබේ. ඒ සඳහා සයිබර් තර්ජන හඳුනා ගැනීම හා ඒවාට සාර්ථකව මුහුණ දීමේ හැකියාව වැඩිදියුණු කිරීම, අනිෂ්ට මෘදුකාංග විශ්ලේෂණය කිරීමේ හැකියාව සහ මානව සම්පත් ධාරිතාව ප්‍රවර්ධනය හා සයිබර් පර්යේෂණ සිදු කිරීම අරමුණු කර ගනිමින් පර්යේෂණ ඒකකයක් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) තුළ පිහිටුවීමේ ව්‍යාපෘතියක් සැලසුම් කර ඇත. ඒ අනුව, යෝජිත සයිබර් තර්ජන සහ අනිෂ්ට මෘදුකාංග විශ්ලේෂණ පර්යේෂණ ඒකකය පිහිටුවීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ඩිජිටල් අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී
07.සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් කරණ රක්ෂණ ඔප්පු සහ ගුවන් කරණ රක්ෂණ සේවා සඳහා වන කොන්ත්‍රාත්තු පිරිනැමීම
සීමාසහික ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා 2025-08-11 සිට 2026-08-10 දින දක්වා වූ ගුවන් තරණ රක්ෂණ ඔප්පු 04 ක් ලබා ගැනීම සඳහා සහ 2025-08-11 සිට 2028-08-10 දින දක්වා වූ ගුවන් තරණ රක්ෂණ සේවා සපයා ගැනීම සඳහා සීමිත ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු තුනක් ( 03 ) ඉදිරිපත් කර ඇත. ලංසු ඇගයීමේ කමිටුවේ සහ ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව එකී කොන්ත්‍රාත්තු Sri Lanka Insurance Corporation General Limited වෙත ප්‍රදානය කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාක්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
08. බංග්ලාදේශයේ ඩකා ගුවන් කොටුපළෙහි දී සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම
සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ඩකා ගුවන්තොටු පොළෙහිදී බිම් මෙහෙවර සේවා සැපයීම එහි සිටින එකම සේවා සැපයුම්කරු වක Birman Bangladesh Airlines Limited විසින් සිදු කරනු ලබන අතර, එම කොන්ත්‍රාත්තුවේ කාලසීමාව 2025-09-30 දිනෙන් අවසන් වීමට නියමිතය. එකී කොන්ත්‍රාත්තුව දීර්ඝ කර ගැනීම් පිණිස එම සමාගම වෙතින් යෝජනාවක් ලබා ගෙන ඇත. ලංසු ඇගයීමේ කමිටුව සහ ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් එකී යෝජනාව ඇගයීමෙන් අනතුරුව, ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව 2025-10-01 සිට 2028 -09-30 දක්වා වන වසර 03ක කාල සීමාව සඳහා අදාළ කොන්ත්‍රාත්තුව එම සමාගම වෙත පිරිනැමීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
09. 2026 වර්ෂය සඳහා දේශීය නිෂ්පාදකයින්ගෙන් ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයීම් මිල දී ගැනීමට අභිලාෂ කැඳවීම
2025 වර්ෂය සඳහා ඖෂධ හා අනෙකුත් වෛද්‍ය සැපයීම් නිෂ්පාදනයන් 130 ක් දේශීයව මිලදී ගැනීම පිණිස දේශීය නිෂ්පාදකයින් වෙතින් අභිලාෂ කැඳවා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විසින් පත් කරන ලද කමිටුවක් මඟින් ඇගයීම කර, නිෂ්පාදකයින් විසි හතර දෙනෙකු (24) තෝරා ගෙන ඇත. එම නිෂ්පාදකයින් සමඟ එළඹ ඇති ගිවිසුම් 2025-12-31 දිනෙන් අවසන් වීමට නියමිකව තිබේ. ඒ අනුව, 2026 වර්ෂය සඳහා දේශීය වශයෙන් නිෂ්පාදිත ඖෂධ හා අනෙකුත් වෛද්‍ය සැපයීම් මිල දී ගැනීමට දේශීය නිෂ්පාදකයින් වෙතින් අභිලාෂ /තාක්ෂණික යෝජනා කැඳවීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය තුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
10. 2025/2026 ඉදිරි වාරය සඳහා නොරොචෝලේ ලක්විජය වීදුලි බලාගාරය වෙත ගල් අඟුරු ප්‍රසම්පාදනය කිරීම
2025/2026 වාරය සඳහා නොරොව්වෝලේ ලක්විජය විදුලි බලාගාරයේ ගල් අඟුරු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් මිලියන 2.32 ± 10%ක් (නැව්ගත කිරීම් 39ක්) වන බව ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඇස්තමේන්තු කර තිබේ. ඒ අනුව, එකී කාල සීමාව සඳහා සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගමේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ගල් අඟුරු ප්‍රසම්පාදනය සඳහා ලංසු කැඳවීම පිණිස බල ශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
11. 2025 අංක 01 දරන සිවිල් ගුවන් සේවා (ගගන යාත්‍රාංගන පහසුකම් සඳහා ගාස්තු පැනවීම) නියෝග
2002 අංක 34 දරන ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පනතේ විධිවිධාන ප්‍රකාරව සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවට අයත්ව තිබූ සියලු දේපළ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙත පවරනු ලැබ ඇත. ඒ අනුව, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළ, රත්මලාන ගුවන්තොටු පොළ, යාපනය ජාත්‍යාන්තර ගුවන් කොටු පොළ සහ මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටු පොළ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙත පවරා දීමට අදාළ නියමයන් ගැසට් නිවේදනයන් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. එමෙන්ම, 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනතේ විධිවිධාන ප්‍රකාරව ගුවන් කොටුපොළවල් සංවර්ධනය කිරීම, ක්‍රියාත්මක කිරීම සහ පවත්වා ගෙන යාම සඳහා ව්‍යවස්ථාපිත සේවා සැපයුම්කරු වශයෙන් සීමාසහිතගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම පත් කරනු ලැබ ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙත පැවරී ඇති එම ගුවන්තොටු පොළවල් භාවිත කිරීම වෙනුවෙන් සීමා සහිත ගුවන්තොටු පොළ සහ ගුවන් සේවා ( ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම විසින් වාර්ෂික නාමික ගාස්තුවක් ගෙවීමට අදාළව 2025 අංක 01 දරන සිවිල් ගුවන්සේවා (ගගන යාත්‍රාංගන පහසුකම් සඳහා ගාස්තු පැනවීම) නියෝග, අංක 2422/38 දරන 2025-02-06 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමතිතුමා විසින් පනවනු ලැබ ඇත. එකී නියෝග පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස එතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී
12. ශ්‍රී ලංකා තථ්‍ය දේපළ වෘත්තිකයන්ගේ ආයතනය ස්ථාපිත කිරීම
ශ්‍රී ලංකාවේ තථ්‍ය දේපළ වෘත්තිකයන්ගේ වෘත්තීමය කාර්යයන් නියාමනය කිරීම සඳහා ” ශ්‍රී ලංකා තථ්‍ය දේපළ වෘත්තිකයන්ගේ ආයතනය” නමින් ආයතනයක් ස්ථාපිත කිරීමට හැකි වන පරිදි නව පනතක් හඳුන්වා දීම සම්බන්ධයෙන් 2023-10-23 දින සහ 2025-01-20 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීම් වලදී අනුමැතිය ලබා දී තිබේ. එකී අනුමැතිය පරිදි නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා තථ්‍ය දේපළ වෘත්තිකයන්ගේ ආයතනය පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
13. 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතපාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
‘ පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි, හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ලබා දෙනු ලබන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකි වන පරිදි 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස 2025-06-16 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, එම කාර්යය සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සකස් කරනු ලැබ ඇති අතර, ඒ සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහාත්, ඉන් පසුව එය අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහාත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
14. 1940 අංක 9 දරන පුරාවස්තු ආඥාපනත සංශෝධනය කිරීම
ශ්‍රී ලංකාවේ පුරාවස්තු සහ ශ්‍රී ලංකාව තුළ ඇති ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථාන හා ගොඩනැගිලි සංරක්ෂණය කිරීම සඳහා 1940 අංක 9 දරන පුරාවස්තු ආඥාපනත සම්මත කර ඇත. එකී ආඥාපනත අවසන් වරට සංශෝධනය කරනු ලැබ ඇත්තේ 1998 වර්ෂයේදී වන අතර, මේ වන විට පුරා වස්තු ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අභියෝග ගණනාවකට මුහුණ දෙමින් සිටී. එබැවින්, වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සහ විශේෂයෙන්ම පුරා වස්තු විනාශය, පුරාවස්තු සොරකම, අනවසර කැණීම් සහ පුරාවස්තු අපනයනය වැළැක්වීමට කඩිනමින් පියවර ගැනීම සඳහා නව නීතිරීති ඇතුළත් කරමින් අදාළ ආඥාපනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් පැන නැඟී ඇත. ඒ අනුව, අදාළ ක්ෂේත්‍රයේ විද්වතුන්, පුරාවිද්‍යාඥයින්, පුරාවිද්‍යා නිලධාරින් සහ සමාජ ක්‍රියාකාරකයින් සමඟ වැඩමුළු සහ සාකච්ඡා පැවැත්වීම මඟින් හඳුනා ගෙන ඇති සංශෝධන ඇතුළත් කරමින් 1940 අංක 9 දරන පුරාවස්තු ආඥාපන්තසංශෝධනය කිරීමට හැකි වන පරිදි පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලදී.
15. 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 වන වගන්තිය සමඟ කියවිය යුතු 41 වන වගන්තිය යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ විධිවිධාන මඟින් ක්‍රීඩා විෂය භාර අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව නිකුත් කරන ලද ක්‍රීඩා නියෝග වරින්වර සංශෝධනය කිරීම හේතුවෙන් විවිධ අපහැදිලිතා මතුව ඇති බවත්, ක්‍රීඩාව දේශපාලනීකරණය වීම හේතුවෙන් ක්‍රීඩාවේ තිබිය යුතු ස්වාධීනත්වය හා අපක්ෂපාතීත්වය ගිලිහී යමින් පවතින බවත් නිරීක්ෂණය කර ඇත. එබැවින්, ක්‍රීඩාව තුළ සිදු වන වංවා හා දූෂණ වැළැක්වීමේ සහ ස්වාධීන හා අපක්ෂපාතී ලෙස ක්‍රීඩාව ඉදිරියට ගෙන යෑමේ අරමුණු සහිතව ජාතික ක්‍රීඩා සංගම්වල පරිපාලනය, කාර්යය, බලතල, කර්තව්‍ය සහ පොදු විධිවිධාන සම්බන්ධයෙන් 2025 අංක 01 දරන ජාතික ක්‍රීඩා සංගම් නියෝග සාදනු ලදුව අංක 2437/24 දරන 2025-05-21 දිනැති අති විශෙෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. එකී නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
16. වන සංරක්ෂක ජනරාල් තනතුරට පත් කිරීම
වන සංරක්ෂක ජනරාල් වශයෙන් කටයුතු කළ ඊ. ඒ. පී. එන්. එදිරිසිංහ මහතා වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මත 2025-07-08 දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා ඇත. ඒ අනුව, පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, පුරප්පාඩු වී ඇති වන සංරක්ෂක ජනරාල් තනතුර සඳහා ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන, දැනට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක වන සංරක්ෂක ජනරාල් (වන ආරක්ෂණ, මෙහෙයුම් හා කළමනා කරණ) ලෙස සේවය කරනු ලබන ඩබ්ලිව්.ඩබ්ලිව්. එම්. පී. එස්. සී. පාලමකුඹුර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.
17. කොරියානු ජන රජයේ කෘෂිකාර්මික කටයුතු සඳහා සෘතුමය සේවක වැඩසටහන යටතේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම
කොරියානු ජන රජයේ E – 8 විසා කාණ්ඩය (සෘතුමය සේවකයින්) යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යෙදවීම පහසු කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා උනන්දුවක් දක්වන කොරියානු පළාත් පාලන ආයතන සමඟ සාකච්ඡා පැවැත් වීමටත් 2025-02-19 දින සහ 2025-07-01 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම් වලදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, කොරියාවේ බෝසෝං පළාත් පාලන ආයතනය සමඟ පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවෙන් ඍතුමය සේවකයින් බඳවා ගැනීමට සහ ඒ වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට එළඹීමට එකඟතාව පළ කර තිබේ. යෝජිත අවබෝධතා ගිවිසුම මඟින්, ශ්‍රී ලාංකිකයින්ට සෘතුමය ශ්‍රමික වැඩසටහන යටතේ කෙටි කාලයක් ( උපරිම මාස 8 ක් දක්වා) බෝසෝං පළාතේ කෘෂිකාර්මික ගම්මාන වල සේවය කර ආදායමක් උපයා ගැනීමට සහ මෙරටට විදේශ විනිමය උපයා දීමට අවස්ථාව සැලසෙනු ඇත. ඒ අනුව, යෝජිතඅවබෝධතා ගිවිසුම බෝසෝ පළාත් පාලන ආයතනය සමඟ අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.







