දිනසේන රතුගමගේ
වවුනියාවේ ඉපැරණි බෞද්ධ සිද්ධස්ථානවල දාගැබ් හාරා නිධන් ගොඩ ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පලමු වතාවට හින්දු පූජකවරයෙකු 11 දා අලුයම යුද හමුදා අත් අඩංගුවට පත්ව තිබේ.
වවුනියාවේ පම්පමඩු ප්‍රදේශයේ පිහිටි ඉපැරණි නිධානයක් හාරන බවට යුද හමුදාවේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත යුද හමුදා කණ්ඩායමක් එම ස්ථානයට ගොස් කළ සෝදිසියකදී නිධානය ගොඩ ගනිමින් සිටි හින්දු පූජකවරයෙකු ඇතුලු අට දෙනෙකු යුද හමුදාව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
නිධානය ගොඩ ගැනීම සඳහා භාවිත කරණ ලද උදලු මුල්ලු ඇතුලු උපකරණද ඔවුන් පැමිණි වෑන් රථයක් හා යතුරු පැදියක්ද පූජා භාණ්ඩ රැසක්ද යුද හමුදාව විසින් සොයාගෙන තිබේ.
සැකකරුවන් හා එම ද්‍රව්‍ය වවුනියාව පූවරසන්කුලම පොලීසිය වෙත බාර දී ඇති අතර පොලීසිය අදාල සැකකරුවන් වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.