දිනසේන රතුගමගේ –
පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් දෙකක් සමග පුද්ගලයින් දෙදෙනෙකුව කිළිනොච්චියේ යුද හමුදා භට පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන 20 දා පලෙයි පොලීසිය වෙත බාර දී තිබේ.
මෙම සැකකරුවන් දෙදෙනා පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් දෙක මල්ලක සඟවා ගෙන වෙනත් ස්ථානයකට රැගෙන යමින් තිබියදී යුද හමුදා භට පිරිස විසින් ඔවුන්ගේ මල්ල සෝදීසි කිරීමේදී මෙම පුපුරණ ද්‍රව්‍ය හමු වී තිබේ.
පලෙයි පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කොට ඇති අතර සැකකරුවන් දෙදෙනා කිළිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.







