කීර්ති ප්‍රනාන්දු –
ඊයේ ( 11) රාත්‍රියේ පුද්ගලයින් දෙදෙනෙකුට පහර දී තුවාල සිදුකළ බව කියන හලාවත නගරසභාවේ සභාපති තුෂාන් අබේසේකර සහ ඔහුගේ මිත්‍රයෙක් අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය පැවසුවේය.
සභාපතිවරයාගේ පහරකෑමට ලක්වූ පුද්ගලයින් දෙදෙනා මේ වනවිට හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලිසිය කීවේය.
හලාවත සේදවත්ත ප්‍රදේශයේ දී සභාපතිවරයා විසින් මෙම පහරදීම සිදුකර ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අද දින සැකකාර සභාපතිවරයා සහ ඔහුගේ මිතුරා අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය ප්‍රකාශ කළේය.