සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු විසින් වාහනයක් පදවාගෙන ගිය පුද්ගලයකුට පහර දීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශ ලේකම්වරයාගෙන් නියමයෙන් පොලිස් මූලස්ථානය විසින් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබ ඇත.
රත්නපුර ප්‍රදේශයේදී නියෝජ්‍ය පොලිස්පතිවරයා ගමන් ගත් වාහනය ට ඉස්සර කිරීම සම්බන්ධයෙන් මෝටර් රථයක ගමන් ගත් පුද්ගලයකු සමඟ මෙම නිලධාරියා ආරවුලක් ඇතිකරගෙන ඇති අතර එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මෙම පුද්ගලයාට පහර දෙන දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් මේ වනවිට සමාජ ජාල තුළ වේගයෙන් සංසරණය වෙමින් තිබේ.
එහිදී එම හිරිහැරයට ලක්වන පුද්ගලයා මෙම පොලිස් නිලධාරියා බීමතින් ක්‍රියාකරන බවට විරෝධය පාමින් ප්‍රකාශ කරන ආකාරයක්ද එහි දී දිස්වෙයි.
මීට පෙරද අවස්ථා කිහිපයකදී මෙලෙස ආරවුල් අති කරගත් පොලිස් නිලධාරියකු ලෙස සැලකෙන රන්මල් කොඩිතුවක්කු සම්බන්ධ වුණු මේ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් මූලස්ථානය විමර්ශන ආරම්භ කර තිබේ.
පහත දැක්වෙන්නෙ සමාජ ජාලා තුළ සංසරණය වෙමින් ඇති එම වීඩියෝවය.