බටහිර ලෝකය බියවැද්දූ රුසියානු නායක වැල්දිමීර් පුටින් පිළිකාවකින් පීඩා විඳින බව බටහිර මාධ්‍ය වාර්තා කරයි.
නිව් යෝක් පෝස්ට් තමන් විසින් පල කළ තහවුරු නොකළ වාර්තාවක දක්වන්නේ පුටින් පිළිකා සැත්කමකට භාජනය වීම සදහා තම බලය කේ.ජී.බී. ඔත්තු සේවයේ සේවය කළ සිය සගයෙක් මෙන්ම පූටින්ගේ විශ්වාසවන්තම සමීපතමයෙක් වූ එරට ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පතෘෂෙව් වෙත තාවකාලිකව පැවරීමට කටයුතු කර ඇති බවය.
පුටින්ට ශල්‍යකර්මයකට භාජනය විය යුතු බවට වූ වෛද්‍ය නිර්දේශය පිළිබඳ තොරතුර හිටපු රුසියානු විදේශ බුද්ධි සේවයේ ලුතිනන් ජෙනරාල්වරයෙකුගේ බව කියන ටෙලිග්‍රාම් පනිවිඩයක් උපුටා දක්වමින් නිව් යෝර්ක් පෝස්ට් වාර්තා කර තිබේ.
අපේක්ෂිත ශල්‍යකර්මයෙන් පසු යළි ප්‍රකෘතිමත් වීම අරත කාලය තුළ පුටින් “කෙටි කාලයකට” අකර්මණ්‍ය කරනු ඇතැයි අපේක්ෂා කරන බව විදෙස් වාර්තා පවසයි.
මෑත කාලයේ පුටින්ගේ “අසනීප පෙනුම සහ ප්‍රසිද්ධියේ අසාමාන්‍ය චංචල හැසිරීම” ගැන සඳහන් කරමින් නිව් යෝර්ක් පෝස්ට් වාර්තාව පැවසුවේ රුසියානු ජනාධිපතිවරයා පිළිකාවකින් සහ පාකින්සන් රෝගය ඇතුළු තවත් බරපතල රෝග රාශියකින් පෙළෙන බවට කටකතා පැතිරී ඇති බවය.
කෙසේ වෙතත්, , “එය සනාථ කිරීමට අපට උපකාර කළ හැකි කිසිවක් මා දැක නැත,” පෙන්ටගනයේ ප්‍රකාශක ජෝන් කර්බි සඳුදා ප්‍රකාශ කළේය.
“පුටින් වැඩි කලක් බලය පැවරීමට එකඟ නොවනු ඇතැයි” ද රටේ පාලනය දින දෙක තුනකට නොඅඩු කාලයක් පැට්රුෂෙව්ගේ අතේ පවතිනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
රුසියානු ජනාධිපතිවරයාගේ සෞඛ්‍යය පිළිබඳ මෑත සතිවල දී දැඩි කතා බහට ලක්වන්නේ පසුගිය මාසයේ ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු සමඟ පැවති රැස්වීමේදී ඔහු මේසයක් තදින් අල්ලාගෙන සිටිනු දැකීමෙන් පසුව.