නවක සිසුන් පිරිසකට පිළිණු බත් කවා අමානුෂික ලෙස හිංසා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවන වසරේ සිසුන් 11 දෙනෙකුගේ පංති තහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය අද (09) පස්වරුවේ පියවර ගෙන තිබේ.
පංති තහනමට ලක්වූ සිසුන් විසින් කළමනාකරණ පීඨයට ඇතුළු වූ නවක සිසු කණ්ඩායමක් පසුගිය 05 දින විශ්වවිද්‍යාලයේ අක්බාර් නේවාසිකාගාරය වෙත රැගෙන ගොස් ඔවුන් ට පිළිණු බත් කෑමට දී පරුෂවචනයෙන් බැණ වැදී පහර දී තිබෙන බවට චෝදනා එල්ල වී තිබේ.
නවක සිසුන්ට හිංසා කළ දෙවන වසරේ සිසු පිරිසකගේ පංති තහනම තාවකාලිකව ලබාදුන් එකක් බවත් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් පේරාදෙණිය විශ්විවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් පවසයි.