කොළඹ- නුවර ප්‍රධාන මාර්ගයේ පිළිමතලාව ඔරලෝසු කණුව ගලවා ඉවත් කිරීමට තීරණය කර තිබේ.
පිළිමතලාව නගරයේ පවතින දැඩි රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ පැවති මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී ය.
මෙම ඔරලෝසු කණුව 1988 වසරේදී එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් දියත් කරන ලද ඇඟලුම් කම්හල් 200 ක වැඩසටහනට සමගාමීව ඉදිකරන ලද්දකි.
මෙම සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මහනුවර නගරයේ සහ ඒ අවට රථවාහන තදබදය අවම කිරීම පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර ඒ පිළිබඳ කරුණු දක්වමින් එවරද බද්ධය අවම කිරීමේ ඉක්මන් පියවර ගත යුතු බවට ආණ්ඩුකාරවරයා අවධාරණය කර ඇත.