සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“පිල්ලයාන් මහ හොරෙක්…“ හොරකම් 20ක් ලේඛනත් සමග රාසමාණික්කම් පාර්ලිමේන්තුවට හෙළි කරයි!

රාජපක්ෂලගෙ හොරකම් නවත්වන්න බෑ කියලා පිළිගන්නම්. දැනුත් හොරකම් කරමින් ඉන්න මේ හොරාගෙ හොරකම් නවත්වා දෙන්න - ජනපතිගෙන් ඉල්ලීමක්!

by editor
නොවැම්බර් 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • හොර ඔප්පුවක්වත් ලියාගන්න තේරෙන්නෙ නෑ… පස්වෙනි එළිසබත් රැජිණ අක්කර 08ක් පිල්ලියෙන්ගෙ මස්සිනාගෙ පරම්පාරාවට තෑගි දුන්නලු… රාසමාණික්කම් කියයි.

වංචා දූෂණ නවත්වන බව කියමින් දේශපාලකයින් ලබා දෙන පොරොන්දු ප්‍රලාපයක් බව ජනාධිපතිවරයා කියන්නේ  මහින්ද රාජපක්ෂ බැසිල් රාජපක්ෂ  ඇතුළු රාජපක්ෂ  පවුල කළ සොරකම් රාජ්‍ය බලය යොදා නීතිපති දෙපාර්තමේන්තුව හරහාම විසඳා ගන්නා නිසා නම් එය පිළිගත හැකි නමුත් මේ මොහොත වනවිටත් හොරකම් කරමින් සිටිනා සිවනේස්තුරන් චන්ද්‍රකාන්තන් ( පිල්ලෙයාන් ) වැනි හොරුන්ගේ හොරකම් නවැත්වීමට නොහැකි මන්දැයි ද්‍රවිඩ ජාතික සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම් අද (17) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේය.

දැනට මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස සිටින සිවනේස්තුරන් චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සම්බන්ධ වංචා දූෂණ හොරකම්, සහ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ තොරතුරු සහිත චෝදනා 20ක් ඔහු අද පාර්ලිමේන්තුවේ දී ලේඛණත් සමග හෙළි  කරමින් රාසමාණික්කම් මන්ත්‍රීවරයා මෙසේ කීවේය. ඔහු මේ කතාව පැවසුවේ ශිවනේස්තුරන් චන්ද්‍රකාන්තන් මන්ත්‍රීවරයා ඉදිරියේ තබාගනිමිනි. .

“ රාජපක්ෂලගෙ හොරකම් නවත්වන්න බෑ කියමු. ජනාධිපතිතුමා පුලුවන්නම්  මඩකලපු දිස්ත්‍රික්කයේ සංවර්ධන කමිටු සභාපති සිනේශ්තුරන් චන්ද්‍රකාන්තන් කරන හොකරම් ටික නතර කරන්න.“

“මේ වගේ හොරෙක් කරන හොරකම් ටික නවත්වන්නකො. මම මේ කියන්නෙ ඩොකියුමන්ට් ඇතිව. මෙතුමා කරන හොරකම් ටික නවත්වන්න.

“කෘෂිකර්ම අංශය සංවර්ධනය කරන්න ඕන.   එය රටේ ආර්ථිකයට ඉතාම අවශ්‍යයයි. කෘෂිකර්ම අංශය සංවර්ධනය කරනවා නම් ග්‍රීන් හවුස් සිස්ටම් ගේන්න පුලුවන්. අපනයන කර්මාන්තය වැඩි දියුණු කිරීමට අදාල භෝග වගා කරන්න පුලුවන්.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ශිවසේන්තුරන් චන්ද්‍රකාන්තන් ඒ අවස්ථාවේ දී නැගී සිට විරෝධය පල කළේය. එහෙත් ඊට පිළිතුරු දෙමින් රාසමාණික්කම් මන්ත්‍රීවරයා දිගටම කතාව කරගෙන ගියේය.

“ මෙන්න මේ කියන සිවනේස්තුරන් චන්ද්‍රකාන්තන්   දිස්‍ත්‍රික් සංවර්ධන කමිටුවෙ සභාපති තුමාගෙ හොරකම් විස්සක්  මෙතන තියනවා. එකින් එක කියන්නම්.

නියෝජ්‍ය කතානායක – එතුමා ගැන පෞද්ගලිකව කරුණු කීම මෙතන අවශ්‍ය නෑ. අය වැය විවාදය කරන්න.

රාසමාණික්කම් – වැඩේ තියෙන්නෙ හොරුන්ගෙ නම් ගම් නැතිව හොකරම් කතා කරන්න බෑනෙ… කෘෂිකර්මය සංවර්ධනයකරනවා කියන දෙයින් අප බලාපොරොත්තු වෙන්නේ තාක්ෂණිකව උසස් දේ නිශ්පාදනය කිරීම.  ඒ හරහා ඩොලර් උපයා ගැනීම.

මෙයා මොකද කරන්නෙ.   කණිෂ්කා කියන එක කම්පැණි එකක්  තමයි රසයානික පොහොර වෙනුවට  මඩකලපු දිස්ත්‍රික්කයටම කාබනික පොහොර දෙන්න   ලියාපදිංචි කරලා තියෙන්නෙ.  ඒක කරන්නෙ මෙයාගෙ හිතවතෙක්.

මඩලකලපු දිස්ත්‍රික්කයෙ හෙක්ටයාර ලක්ෂයක් තියනවා. හෙක්ටයාර ලක්ෂයක් ගණන් හදලා බලන්න ආණ්ඩුව කරන වියදම. මෙතන සිද්ධවෙන දූෂණය වලක්වන්නෙ නැතිව මේ රටේ  වකුගඩු රෝගියාගෙන්, අවුරුදු 100ට වැඩි මනුස්සයගෙන්, ආබාධිත පුද්ගලයාගෙන් ඔවුන්ට ලැබෙන  රුපියල් 5000ක මුදල 2500 දක්වා  හරි අඩක් අඩු කරනවා.“

“ රටේ ඇමතිවරු 71ක් දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති වරු 25ක් ඉන්නවා.  මිනිස්සු ඔවුන් නඩත්තු කරනවා. ඒත් උන් මේ  ඇමතිකම් අරන්  කරන්නෙ හොරකම් කරන එක.“

“ධීවර දෙපාර්ත්මේන්තුව අරන් බලන්න. වට්ටවාන් ප්‍රදේශයේ පවුල් 250ක් තුන්සීයක් ජීවත් වෙනවා ඉස්සො පොකිරිස්සො කකුළුවො අල්ලලා…  පොඩි ගඟක් ආශ්‍රිතව මේ ධීවර කර්මාන්තය කරන්නෙ.  මෙයාගෙ හිතවත් 45කට  දීලා තියනවා වට්ටවාන්වල ඉඩම්. අපි ධීරව කර්මාන්තය දියුණු කරන්න හදනවා නම් හිතන් හිටියෙ ට්‍රෝලර් ගෙනෙයි. ජීපිඑස්  ගෙනෙයි. මුහුදු යන අයට භූමිතෙල් ටික දෙයි කියලා. අපි කර්මාන්තය දියුණු කරන්න හිතුවෙ එහෙම.  මේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවෙ සභාපති දැනට ධීවරයො සම්ප්‍රදායිකව මාලු අල්ලන වට්ටවනාවල එයාගෙ අය 45කට ඉඩම් දෙනවා. වට්ටවාන්වලදි මෙයා එලෙව්වෙ සෙරෙප්පුව පෙන්නලා.

මාර්ග සංවර්ධන අධිකාරියෙ   කිලෝ මීටර ලක්ෂය යටතේ කොන්ත්‍රාත් ගත්තු කට්ටිය ඇවිත් මාව හම්බවෙලා කියනවා කොන්ත්‍රාත් ගන්න මෙයාට සියයට පහක් පගාව දෙන්න උනා කියලා.  කොන්ත්‍රාත් එක ගත්තෙ එහෙමයි කියලා අඬනවා.   මාර්ග සංවර්ධන අධිකාරියෙන්   සල්ලි ගෙවන්න නෑ.

නාගරික සංවර්ධන අධිකාරියෙ රෙස්ට් හවුස් එක 45000ට අරන් මෙයාගෙ හිතවත් කෙනෙකුට ලක්ෂ දෙක හමාරකට දුන්නා. අයිස් ෆැක්ටරි දානවා කියලා ළිං කපලා එකෙන් අයිස් අරන් විකුණනවා.

විදුලි බල හා බලශක්ති සෝලා වලට ඉඩම් දෙනවා කියලා අක්කර දෙසීයක් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවෙ කියලා ඉඩම් වලින් සල්ලි හොරකම් කරලා තියනවා.

සිවසේන්තුරන් චන්ද්‍රකාන්තන්ට අක්කර හතලිස් හතර හමාරක් අරන් තියනවා. කොහොන්ද ඒ?.  සංර්ධන කටයුතුවලට  ඉඩම් ලක්ෂයක්  වෙන් කරනකොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවෙ සභාපතිවරයා එයාට ඉඩම් අක්කර හතලිස් හතර හමාරක් අරන්.

මේක තමයි හොඳම කතාව.

සිවසේන්තුරන් චන්ද්‍රකාන්තන්ගෙ මස්සිනා මයිල්වාගනන් මනිවන්නන් අක්කර අටක ඉඩමකට හොර ඔප්පුවක් හදලා ලියා ලියනවා. හොර ඔප්පුවක් නෙ.  ඒ හොර ඔප්පුව  ලියද්දි හරියට ලියන්න ඕන.

මේ හොර ඔප්පුවෙ තියනවා පස්වැනි එළිසබත් රැජන ඒ ඉඩම එයාට තෑග්ගකට දුන්නලු.  පහුගිය දා  නැතිවුනේ දෙවැනි එළිසබත් රැජන. හොර ඔප්පුවක්වත් ලියන්න බැරි මනුස්සයෙක්. ඉඩම ලැබුනෙ පස්වැනි එළිසබත් රැජිණගෙන් ලැබුණු තෑග්ගක් විදිහටලු.“

“ මත්ද්‍රව්‍ය අලෙවිය ගැන කුප්‍රකට මඩකලපුවේ ප්‍රධාන කුඩු බිස්නස් කාරයා    මෙතුමගෙ පක්ෂයෙ සංවිධායකයෙක්. සත්‍රකොන්ඩාන් කියන ප්‍රදේශයේ රෝස්මන් කියන පුද්ගලයා. ඔහු කුඩු බිස්නස් කරලා අහුවෙලා.“

“මේක තමයි මඩකලපුව සංවර්ධන කමිටුවෙ හැටි. අපේ ජනාධිපති තුමා කොප්27 ලෝක පරිසර වෙනස්වීම් සම්බන්ධව සමුලුවට ගිහින් ලංකාවෙ පරිසර විශ්විද්‍යලයක් හදන්න පොරොන්දු වෙනවා. ඊට  කලින් පරිසර වෙනස් වීම සම්බන්ධව උගන්වන්න මෙයාව යවන්න ඕන. සිවනේසතුරන් චන්ද්‍රකාන්තන් රජයේ ඉඩම්වලට  ගිහින් කැලෑ අයින් කරලා වැලි පටවනවා. ජනාධිපති තුමාගෙ  දිස්ත්‍රික් සංවර්ධන කමිටුවෙ සභාපතිගෙන් රටට වෙන පරිසර විනාශය නවත්වන්න.

දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් දෙනකම් අපි ආණ්ඩුවට චන්දය දෙන්නෙ නෑ. ඒත් උතුරු නැගෙනහිර දිස්ත්‍රික් සංවරධන කමිටු 08 බලය අපට දීලා බලන්න. අපි මේ හොරුන්ගෙ හොරකම් හෙළි කරලා   ජනතාවගෙන් මුදල් ගසා කෑම නවත්වලා මේ රටේ සංවර්ධනයට උදව් කරන්නම්.

Share69Tweet43
Previous Post

ලෝක වෙළෙඳ පොලේ මිලෙන් තුනෙක් එකකට නිපදවන ඉන්දීය වෛද්‍ය උපකරණ

Next Post

මේ අවුරුද්දේ බදුවලට වඩා ලබන වසරේ සිදුවන සමස්ත බදු වැඩිවීම සියයට 69ක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.