පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු අද ( 15) ආරම්භ වූයේය. මේ වනවිට එම උත්සවය පැවැත්වෙමින් ඇත. උත්සවය පැවැත්වෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි.
පිටකොටුව බස්නැවතුම්පල ඉදිවන්නේ වර්ෂ 1964 දී ය. එය ප්‍රතිසංස්කරණය වන්නේ අවුරුදු 60කට පසුවය. එතෙක් මෙම ස්ථානය පවත්වාගෙන ගියේ අතිශය ගර්හිත තත්ත්වයෙනි. අපිරිසිදු, සමාජ අපචාරකයින්ගේ තෝතැන්නක් ලෙස කලක් පැවති මේ භූමිය රටක ප්‍රධාන බස් නැවතුම්පල ලෙස ලෝකයට පෙනීම රටේ නිරුවත පෙන්වන්නාක් බඳු විය
ගුවන් හමුදාවේ සහාය ද සහිතව මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 424ක් වෙන් කර තිබේ. අදාළ නවීකරණය යටතේ බස් නැවතුම්පොළට නව විවේකාගාර, තොරතුරු සන්නිවේදන ස්ථාන, ආරක්ෂක පද්ධති ඇතුළු අංග රැසක් ස්ථාපිත කිරීමට නියමිතය.
මේ වැඩ සටහන ආරම්භ කළ මුල්ම අවස්ථාවේ දී ප්‍රවාහන ඇමති බිමල් රත්නායක පැවසුවේ අවුරුදු එක හමාරක් ඇතුළත මේ භූමියේ නවීන පහසුකම් සහිත ආශ්චර්යයක් මවන බවය.







