පසුගිය පෙබරවාරි 28 වන දින පානදුර පිංවත්ත ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කරන ලද කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනයට අවශ්‍ය කර සිටි ඝාතනය සැකකරු සහ යතුරුපැදියේ පැදිකරු කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (05) උදෑසන මෙම පුද්ගලයින් දෙදෙනා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ තෙලිකඩ පොලිස්වසමේ ගිනිමැල්ලගහ ප්‍රදේශයේ දීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පැය 48ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබාගෙන ඇත.
සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී වෙඩි තැබීමට යොදාගත් බවට සැක කරන පිස්තෝලය සහ එම උණ්ඩ 08ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතුකර ඇත.
අත් අඩංගුවට ගත් සැකකරුවන් 34 හා 40 වියේ පසුවන ගිනිමැල්ලගහ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
මෙම මනුෂ්‍ය ඝාතනයට හේතු වූ කාරණාව, යතුරුපැදිය හා ගිනි අවිය සැකකරුවන්ට ලැබුණු ආකාරය අනාවරණය කරගැනීමට කළුතර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශනයක් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
පසුගිය 28 වැනිදා සිය සුඛෝපභෝගී ජිප් රථය තුළ දී මෙසේ ඝාතනයට ලක්වූයේ බංගලාවත්ත කිරිල්ලවල ප්‍රදේශයේ පදිංචි අනුරුද්ධ සම්පත් කෝදාගොඩ නැමැති කෝටිපති ව්‍යාපාරිකයාටය.