අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පැතුම් කර්නර්… ඊයේ පාර්ලිමේන්තුව ලඟ කළ විනාශයට නුඹ තනිව වගකිව යුතුයි… ගෝඨාගෝගම අරගලකරුවෝ කියති..

by editor
ජූලි 14, 2022
in පුවත්
pethum
Share on FacebookShare on Twitter
  • නුඹ කළේ අරගලයේ සමස්ථ අරමුණ විනාශ කිරීමක්… ආරක්ෂක අංශ සහ අරගලකරුවන් අතර ඇතිව තිබූ අවබෝධය විනාශ කිරීමේ නින්දා සහගත කොන්ත්‍රාත්තුවක්… අරගල කරුවෝ කියති…

අරගලකරුවන්ගේ ගැටලුවට පිළිතුරු ප්‍රජාතන්ත්‍රවාදීව සොයා දිය යුතු  පාර්ලිමේන්තුව රැක ගැනීමේ අභිලාෂය මිස එය වටකිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැතිව සිටිය දී    පැතුම් කර්නර් නැමැති අරගල භූමියෙන් ප්‍රතික්ෂේප වූ පුද්ගලයා අරගලයේ සමස්ථ හරයම ඊයේ විනාශ කළ බව ගෝඨාගෝගමේ ක්‍රියාකාරීහු  ප්‍රකාශ කරති.

ත්‍රිවිධ හමුදාව සහ ආරක්ෂක අංශ කළ ගෞරවණීය ඉල්ලීම අනුව සාමය අරක්ෂා කරගනිමින් කිසිම ප්‍රචණ්ඩ ක්‍රියාවකට නතු නොවී ඊයේ හවස්වන තුරු කරගෙන ගිය විරෝධතාවය පැතුම් කර්නර් නැමැති මෙම පුද්ගලයා විනාශ කළ බව ඔවුහු කියති.

මේ තැනැත්තා මෙම භූමියෙන් ප්‍රතික්ෂේප වී සිටි පුද්ගලයෙක් බවත් ඔහු වෙනම මතවාදයක් ගොඩනගමින් සමූහයෙන් ගිලිහී ගිය බවත් ඔවුහු පවසති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඊයේ හමුදා සහ පොලිස් නිලධාරින්ට පහර දෙන්නෙත්, ආයුධ උදුරා ගැනීම් සිදුවන්නේත් ආරක්ෂක අංශ සහ අරගලකරුවන් අතර අතිශයින්ම මානුෂික සම්බන්ධයක් ගොඩනැගෙහමින් පැවතුන වාතාවරණයක් තුළ වීම යළිත් සමාලෝචනය කළ යුතු බව ඔවුහු පෙවන්වා දෙති.

මේ අරගලයේ කිසිම අවස්ථාවක මෙවැනි තත්ත්වයන්ට නොගිය බවත් නිරායුධ තමන් සතු එකම ආයුධය සාමය හා එකමුතුකම බව අරගලකරුවන් ලෙස තමන් දැනගෙන සිටි බවත් කී ගොල්ෆේස් අරගලකරුවෝ මේ සිදුවීම සමග අරගලයේ අරමුණු සීසීකඩ විසිරී ගිය බව ප්‍රකාශ කළහ.

මේ සමගම මුල සිටම විරෝධතාවය සමග රැඳෙමින් අරගලයට යෝධ ශක්තියක් සැපයූ නීතිඥ සංගමය මේ සිදුවීමෙන් අරගලකරුවන් වෙත සහාය නොදී සිටියහොත් ඇතිවන තත්ත්වය ගැන ද පෙන්වා දෙන ගෝල්ෆේස් අරගලකරුවන් පැතුම් කරන්ර් වැනි ඉත්තන් යොදාගෙන අරගලයේ සමස්ථ හරයම විනාශ කර ජනතා අභිලාෂය කුඩු කරදැමීමට උත්සාහ කරන බව ද පැවසූහ.

ඊයේ රාත්‍රියේම අරගල භූමියේ සිටි ප්‍රධාන ක්‍රියාකාරීන් කීප දෙනෙක් පැතුම් කර්නර් ගේ කුමන්ත්‍රණයට හසු නොවී  වහාම පාර්ලිමේන්තුව අවටින් ඉවත්වන ලෙස පිරිසගෙන් ඉල්ලා සිටියේය.

“පැතුම් කර්නර්… මේ අරගල කරුවන්ගේ අභිලාෂය නොවේ… සියලු විනාශය නුඹ භාරගත යුතුයි.. මේ හදන්නෙ රට අරාජික කරලා ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කරලා මේ රට ලිබියාවක් කරන්න.. අරගලයේ අපේ අභිලාෂය එය නොවෙයි.“

ගෝල්ෆේස් අරගලකරුවෝ කියති.

එහෙත් අරගල භූමියේ එක් මතවාදයක් නියෝජනය කරන පැතුම් කර්නර් සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තුව අසලට ජනතාව රැස් කීරීමේ  තමන්ගේ මැදිහත්වීමකින් සිදු නොවුන බවය.

ඔහු මේසේ සටහන් කර ඇත.

“දියතට සෙනඟ රැස් කෙරුවේ ජවිපේ සුනිල් හඳුන්නෙත්ති බවත්, ඔහු ඒ පෝස්ට් එක Edit කර ඇති බවත්, පාර්ලිමේන්තුවට සෙනඟ රැගෙන යාම මාගේ ක්‍රියාවක් නොවන බවත් මින් දන්වා සිටිමි.

එහි පිරිස් පාර්ලිමේන්තුව දෙසට යන විට ලැබුණ ආරංචිය අනුව අපද එයට සම්බන්ධ වූ බවත්, මා විසින් ඉදිරිපත් කල පලමු වීඩියෝවේ ඒ බව සඳහන් බවත් දන්වමි.
“මා හට මඩ පහර දිමට වඩා හොඳ අවස්ථාවක් යොදා ගන්නා ලෙස ගෝඨා ගෝ ගම තරුණ කැලට මෙසේ ආදරයෙන් දන්වා සිටිමි.“
එහෙත් ගෝල්ෆේස් අරගලකරුවන් කියන්නේ පැතුම් කර්නර් ජනතාව රැස් කරමින් නිකුත් කළ සියලුම වීඩියෝ තමන් ලඟ බාගත කරගෙන ඇති බවය. ජේසීබී යන්ත්‍රමත නැගී බැරියර් කුඩු කරන ආකාරය දක්වන ඡායාරූප එකතුවක් ද ඇති බවය. එමෙන්ම ගෝල්ෆේස් අරගල භූමියේ ඔහු ඒ සම්බන්ධව නිවේදනය කළ ආකාරය ගැන තොරතුරුත් ඇති බවය.  මෙම වීඩියෝ මේ වනවිට පැතුම් කර්නර් සිය ගිනුමෙන් ඉවත් කරගෙන ඇති බව අරගලකරුවෝ චෝදනා කරති…
Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඊයේ පක්ෂ නායක රැස්වීමේ දී සිදුවුන දේ කතානායක නිල වශයෙන් මාධ්‍යයට කියයි…

Next Post

පලාගිය ජනපති ඉල්ලා අස්වීම නුදුන්නොත් ධුරය හැර ගියා සේ සැලකිය හැකිදැයි බලනවා – කථානායක…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.