-
නුඹ කළේ අරගලයේ සමස්ථ අරමුණ විනාශ කිරීමක්… ආරක්ෂක අංශ සහ අරගලකරුවන් අතර ඇතිව තිබූ අවබෝධය විනාශ කිරීමේ නින්දා සහගත කොන්ත්‍රාත්තුවක්… අරගල කරුවෝ කියති…
අරගලකරුවන්ගේ ගැටලුවට පිළිතුරු ප්‍රජාතන්ත්‍රවාදීව සොයා දිය යුතු පාර්ලිමේන්තුව රැක ගැනීමේ අභිලාෂය මිස එය වටකිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැතිව සිටිය දී පැතුම් කර්නර් නැමැති අරගල භූමියෙන් ප්‍රතික්ෂේප වූ පුද්ගලයා අරගලයේ සමස්ථ හරයම ඊයේ විනාශ කළ බව ගෝඨාගෝගමේ ක්‍රියාකාරීහු ප්‍රකාශ කරති.
ත්‍රිවිධ හමුදාව සහ ආරක්ෂක අංශ කළ ගෞරවණීය ඉල්ලීම අනුව සාමය අරක්ෂා කරගනිමින් කිසිම ප්‍රචණ්ඩ ක්‍රියාවකට නතු නොවී ඊයේ හවස්වන තුරු කරගෙන ගිය විරෝධතාවය පැතුම් කර්නර් නැමැති මෙම පුද්ගලයා විනාශ කළ බව ඔවුහු කියති.
මේ තැනැත්තා මෙම භූමියෙන් ප්‍රතික්ෂේප වී සිටි පුද්ගලයෙක් බවත් ඔහු වෙනම මතවාදයක් ගොඩනගමින් සමූහයෙන් ගිලිහී ගිය බවත් ඔවුහු පවසති.
https://www.facebook.com/DilanSenanayakeOfficial/videos/300660725546424/?extid=NS-UNK-UNK-UNK-IOS_GK0T-GK1C-GK2C&ref=sharing
ඊයේ හමුදා සහ පොලිස් නිලධාරින්ට පහර දෙන්නෙත්, ආයුධ උදුරා ගැනීම් සිදුවන්නේත් ආරක්ෂක අංශ සහ අරගලකරුවන් අතර අතිශයින්ම මානුෂික සම්බන්ධයක් ගොඩනැගෙහමින් පැවතුන වාතාවරණයක් තුළ වීම යළිත් සමාලෝචනය කළ යුතු බව ඔවුහු පෙවන්වා දෙති.
මේ අරගලයේ කිසිම අවස්ථාවක මෙවැනි තත්ත්වයන්ට නොගිය බවත් නිරායුධ තමන් සතු එකම ආයුධය සාමය හා එකමුතුකම බව අරගලකරුවන් ලෙස තමන් දැනගෙන සිටි බවත් කී ගොල්ෆේස් අරගලකරුවෝ මේ සිදුවීම සමග අරගලයේ අරමුණු සීසීකඩ විසිරී ගිය බව ප්‍රකාශ කළහ.
මේ සමගම මුල සිටම විරෝධතාවය සමග රැඳෙමින් අරගලයට යෝධ ශක්තියක් සැපයූ නීතිඥ සංගමය මේ සිදුවීමෙන් අරගලකරුවන් වෙත සහාය නොදී සිටියහොත් ඇතිවන තත්ත්වය ගැන ද පෙන්වා දෙන ගෝල්ෆේස් අරගලකරුවන් පැතුම් කරන්ර් වැනි ඉත්තන් යොදාගෙන අරගලයේ සමස්ථ හරයම විනාශ කර ජනතා අභිලාෂය කුඩු කරදැමීමට උත්සාහ කරන බව ද පැවසූහ.
https://www.facebook.com/StudioRatta/videos/710679323567685/?extid=NS-UNK-UNK-UNK-IOS_GK0T-GK1C-GK2T&ref=sharing
ඊයේ රාත්‍රියේම අරගල භූමියේ සිටි ප්‍රධාන ක්‍රියාකාරීන් කීප දෙනෙක් පැතුම් කර්නර් ගේ කුමන්ත්‍රණයට හසු නොවී වහාම පාර්ලිමේන්තුව අවටින් ඉවත්වන ලෙස පිරිසගෙන් ඉල්ලා සිටියේය.
“පැතුම් කර්නර්… මේ අරගල කරුවන්ගේ අභිලාෂය නොවේ… සියලු විනාශය නුඹ භාරගත යුතුයි.. මේ හදන්නෙ රට අරාජික කරලා ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කරලා මේ රට ලිබියාවක් කරන්න.. අරගලයේ අපේ අභිලාෂය එය නොවෙයි.“
ගෝල්ෆේස් අරගලකරුවෝ කියති.
එහෙත් අරගල භූමියේ එක් මතවාදයක් නියෝජනය කරන පැතුම් කර්නර් සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තුව අසලට ජනතාව රැස් කීරීමේ තමන්ගේ මැදිහත්වීමකින් සිදු නොවුන බවය.
ඔහු මේසේ සටහන් කර ඇත.
“දියතට සෙනඟ රැස් කෙරුවේ ජවිපේ සුනිල් හඳුන්නෙත්ති බවත්, ඔහු ඒ පෝස්ට් එක Edit කර ඇති බවත්, පාර්ලිමේන්තුවට සෙනඟ රැගෙන යාම මාගේ ක්‍රියාවක් නොවන බවත් මින් දන්වා සිටිමි.