බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පැතුම්ට කැපිල්ලක්… පිළිගත හැකි හේතුවක් නැතිව විස්සයි 20 තරගාවලියෙන් ඉවත් කරන්න හදයි…

by editor
සැප්තැම්බර් 3, 2025
in පුවත්
pethum
Share on FacebookShare on Twitter

මේ වන විට අංශ තුනේදීම ශ්‍රී ලංකා පිලට නැතිවම බැරි ක්‍රීඩකයා වන පැතුම් නිශ්ශංක හීන් නූලෙන් ඉවත් කර දැමීමේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බව ලංකාසරට වාර්තාවේ.

මෙම කුමන්ත්‍රණය අනුව පැතුම්ට සිම්බාබ්වේ සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ විවේකයක් ලබාදී ඒ වෙනුවට වෙනත් ක්‍රීඩකයකු ආදේශ කර බලන මෙන්  කෙරෙන මාධ්‍ය මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක වී ඇත.

පැතුම් නිශ්ශංකට මේ කැපිල්ල එන්නේ  සිම්බාබ්වේ සමග පැවැති එක් දින තරගාවලියේ තරග දෙකම දිනා දී ලංකාවේ විලි ලජ්ජාව බේරා දෙන්නට ප්‍රධානම පදනම දැමූ ක්‍රීඩකයා වී    සිටියදී ය.  නිශ්ශංක දෙවෙනි තරගයේ ශතකයක්ද රැස් කරමින් තරගාවලියේ වීරයා බවටද පත් විය

සිම්බාබ්වේ සංචාරයට පෙර  දින හතරක් වේග පන්දු යවන්නන් සමග කටයුතු කළ හිටපු වේග පන්දු යවන්නෙක්වන ලසිත් මාලිංග මේ  අදහස තම ෆේස් බුක් පිටුවෙන් මුලින්ම  එළියට දමා ඇති අතර ක්‍රිකට් ආයතනයට කඩේ යන එක් ප්‍රකට  ඉංග්‍රීසි වෙඩ් අඩවියක් ඇතුළු ඇතැම්  මාධ්‍ය එම අදහස ප්‍රවර්ධනය කරමින් සිටී.

විශිෂ්ට හැකියාවක් තිබුණ ද කණ්ඩායම තුළ සිටිය දී ද ස්වකීය අවිනීත අපරිණතකම පෙන්වූ මෙම ක්‍රීඩකයා තාවකාලකව  දින හතරක පුහුණු කාලයකට   බඳවා ගත් පමණින් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සංයුතිය සම්බන්ධව මත වාද සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණය කරන්නට යෑම බරපතල මුග්ධකමක් බව මේ වනවිට ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයෝ පෙන්වා දෙති.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ඔහුට මෙම දින හතරක කාලය සඳහා  ඩොලර් දහ දාහක් ක්‍රිකට් බලධාරීන් විසින් ගෙවා ඇත්තේ කණ්ඩායමේ පන්දු යැවීමේ  දක්ෂතා දියුණු කිරීමට මිස තේරීම් කමිටුවේ කොටස අරගෙන වාචාල කතා කියා මේ ආකාරයෙන් කණ්ඩායම තුළ අනවශ්‍ය ගැටුමක් ඇති කරන්නට නොවන බව හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩකයෙක්  ලංකාසර කළ විමසීමක දී පැවසුවේය.


ඔවුන් පවසන්නේ  තමන් දන්නාදේත් නොදන්නාදේත් ගැන අවබෝධයක් නැති  මෙවැනි උද්දච්ඡ පුද්ගලයෙක් බැරිවීමකින් හෝ දැනට පුරප්පාඩු වී ඇති වේග පන්දු සහාය පුහුණුකාර ධූරයට අයදුම් කර තෝරා ගතහොත් කණ්ඩායමට අබ සරණම බවය.

සනත් ජයසූරිය විසින් ප්‍රධාන පුහුණුකරු ලෙස වේග පන්දු යවන්නන්ගේ විශිෂ්ට කාර්යය සම්බන්ධව උත්කරෂයෙන් කතා කළ ද මෙම තරග දෙකේදීම වේග පන්දු යවන්නන් ප්‍රහාරයට ලක් වූ ආකාරය ඔවුන්ගේ සාමාන්‍යයෙන් බලා ගත හැකි බවත් අවසන් තරගයේ දී ඔවුන් වයිඩ් පන්දු 19ක් යවා ඇති ආකාරයත් උපුටා පෙන්වමින් ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙක් පැවසුවේ එක්දින තරගයක දී පන්දු ඕවර 3යි පන්දුවක් වැඩිපුර යවා අමතර ලකුණු 19කුත් දී වැඩිපුර යැවූ පන්දුවලට ලබා ගත් ලකුණු සංඛ්‍යාව ගණනය කරන්නේ නම් අපූරු වේග පන්දු යැවීමේ විනය ගැන නිවැරදිව කතා කළ හැකි බවය.

ඩිල්ෂාන් මධුසංඛ පළමු තරගයේ දී කඩුළු ත්‍රිත්ත්වය ලබා ගන්නා අවස්ථාව වනවිට පන්දු ඕවර 9කට ලකුණු 60ක ප්‍රහාරයකට ලක් වී තිබිණි. කෙසේ වෙතත් අවසන් ඕවරයේ දී එහු යැවූ විශිෂ්ට පන්දු තුන තරගයේ ජය ශ්‍රී ලංකාවට රැගෙන ආවේය. අප මේ තරම් බරපතල තරගයක් බවට පත් කරගෙන ජයග්‍රහණය කළේ එක් දින ශ්‍රේණිගත කිරීම්වල 11වන ස්ථානයේ සිටින කණ්ඩායම බවත්, තත්ත්වය මෙය නම් ඉන්දියාව, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව වැනි රටවල් සමග කරන තරගයකදී කුමණ ප්‍රතිඵලයක් අත්වේදය යන්න ක්‍රීඩා ලෝලීන් දන්නා බවත් ක්‍රිකට් විචාරකයෝ කියති.

ඒ අතර මේ වනවිට පුරප්පාඩු වී ඇති සහාය පුහුණුකාර ධූර සඳහා මේ වනවිට රට හැර ගොස් ඔස්ට්‍රේලියාවේ පදිංචි වුන ක්‍රීඩකයින් ගණනාවක්ම අයදුම්පත් ඉදිරිපත් කර ඇති බවද ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග කියයි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නිල් පාට බිත්තර දමන කිකිළියක් ඉන්දියාවෙන් හමුවෙයි!

Next Post

කිළිනොච්චියේ ළමා නිවාසවල හැදී වැඩුන දරුවන් 4ක් සරසවියට… 06 දෙනෙක් 

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.