දිනසේන රතුගමගේ –
නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවලදී නිවසට පැමිණ නිදිපෙති මුසු කළ පැණිබීම පානය කිරීමට දී 14 හැවිරිදි දැරියක විටින් විට දූෂණය කළ දැරියගේ මාමා වන පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.
යාපනය, චුන්නාගම් මයිලන්ගාඩු ප්‍රදේශයේදී මෙම අපරාධය සිදුවී ඇති අතර චුන්නාකම් පොලිසිය විසින් සැකකරු ඊයේ (15) අත් අඩංගුවට ගෙන ඇත.
නිදිපෙති පෙවූ දැරිය නින්දට ගිය පසු ඔහු මෙම අපරාධය සිදුකර ඇති අතර හදිසියේම නිවසට පැමිණි නිවැසියෙක් මෙම අපරාධය දැකීමත් සමග සිද්ධිය හෙළි වී තිබේ.
ඒ අනුව දෙමව්පියන් චුන්නාකම් පොලිසියට කළ පැමිණිල්ලකින් පසුව මෙම අපරාධකරු අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරු අත් අඩංගුවට ගත් පසුව මානසික රෝගියෙකු ලෙස හැසිරීමට පටන් ගැනීම නිසා අධිකරණ නියෝගයක් මත ඔහුව පූර්ණ වෛද්‍ය පරීක්ෂණයක් සදහා යාපනය ශීක්ෂණ රෝහලේ මානසික රෝග වෛද්‍යවරයා වෙත යොමු කොට තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් චුන්නාකම් පොලීසිය පරීක්ෂණ පවත්වා ගෙන යයි.







